(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් ගමන් ගත් කාන්තාවක් පෙරියගම මාර්ගයේ ගල් වල අසලදී අද ( 24)දහවල් කාලයේවැගන් ආර් වර්ගයේ වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් ඇති බව කතරගම පොලිසිය පවසයි.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ පෙරියගම ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකි.
කාන්තාව ගමන් ගත් යතුරු පැදිය එම ස්ථානයේ වැටී තිබියදී පොලිසියට හමුවී ඇත.
මෙම කාන්තාව ඇයගේ පුතා රැගෙන ඒමට පාසල කරා යමින් සිටියදී වැගන් ආර් වර්ගයේ වෑන් රථයකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පැහැරගෙන ගිය කාන්තාව ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
කාන්තාව පැහැරගෙන යෑමට හේතු හෝ ඇය පැහැරගෙන ගිය කණ්ඩායමගැන තවම තොරතුරු අනාවරණය වී නොමැති බවද බවද පොලීසිය සඳහන් කරයි.
හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේතිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී අධිකාරී ගයාන් ප්‍රසන්න මහතාගේඋපදෙස් මත කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බැසිල් කුමාර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගමදී කාන්තාවක් පැහැරගෙන ගිහින්
Mahaachaarya Friday, 25 August 2023 02:18 PM
බීමත් සල්ලාලයින්ව ආරාධනා කරන විදිහේ ඇඳුමක් අන්දගෙන ගියාවත්ද? එහෙම කියන්න හේතුව සමහර ගැහැණු නොහොබිනා විදිහේ ඇඳුම් ඇඳගෙන ස්කූටිවල යන නිසා..