(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතයේ සතියේ ඉන්ධන කෝටාව අලුත් කිරීමේ මෙතෙක් පැවැති ඉරිදා දිනය අද (8 වැනිදා) සිට සෑම අඟහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රීයට වෙනස් කිරීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඉන්ධන කෝටාවේ ඉන්ධන ප්‍රමාණය තවදුරටත් නොවනස්ව පවතින බව ද එම අමාතයංශය කීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ සති අන්තවල ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කිරීමට මෙම පියවර ගත් බවත් ඉදිරිදා දිනයේ ඉන්ධන කෝටාව මාරුවීමට අවශ්‍ය සැපයුම ලබාදීමේදී එම ආයතන දෙකේ අතිරේක දීමනා ඉහළ යෑම එයට හේතුව බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
398
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේතය මාරුව ඉරිදායින් අඟහරුවාදාට
de silva Wednesday, 08 March 2023 03:52 PM
ඕකෙ තේරුමක් නෑ... ඛනිජතෙල් සේවකයින්ට පිරිපහදුව සහ සංස්ථාව වහලා තිබුණත්, ඇරලා තිබුණත් බටා, ඕටී වැටෙනවා. ඉරිදා, සෙනසුරාදා කියලා වෙනසක් නෑ...
චමින්ද Wednesday, 08 March 2023 06:27 PM
ඇත්තටම මේක නොවෙයි කරන්න තියෙන්නේ... කෙනෙක් ඉරිදා ඉන්ධන ගත්තා නම් ඔහුට ඊළඟ ඉරිදා දක්වා සතිය තියෙන්න ඕනෑ සඳුදා ගත්තා නම් ඊළඟ සඳුදා වෙනතුරු තියෙන්න ඕනෑ. එහෙම තමයි සතියක් ගණන් ගන්න ඕනෑ..
Perera Wednesday, 08 March 2023 11:11 PM
ඕක තිබ්බත් එකයි නැතත් එකයි .පොම්ප කරුට 500 ක් දුන්නම ඕන තරම් ඉන්ධන ගහගන්න පුළුවන්