IMG-LOGO

කොත්මලේ වාන් දොරටු අරී

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පෙර දින රාත්‍රියේ සිට පවතින මහ වැසි සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හතරක් අද දහවල් විවෘත කැරිණි.

විමල සුරේන්ද්‍ර ජලාශය ද වාන් දමයි.

ලක්ෂපානේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත.

දික් ඔය පිටාර ගැලීමෙන් හැටන් කොටගල පවුල් පනහක පමණ නිවාස ගං වතුරෙන් යට වී ඇත.

නුවර එළිය- හැටන් සහ හැටන්-කොළඹ මාර්ගයේ ගිනිගත්හේන දක්වා ප්‍රදේශ පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බවත්, පාර ලිස්සන සුළු බවත් පොලිසිය කියයි.

අවතැන්වූවනට පහසුකම් සලසන බව නුවර එළිය මහ දිසාපති ජේ පී ජී කුමාරසිරි මහතා කියයි.

 



අදහස් (0)

කොත්මලේ වාන් දොරටු අරී

හංසි Friday, 13 June 2014 01:13 AM

මේ පුවත මෙන්ම ඡායාරූපද සතුට දනවයි. මට මතකයි, සති 03 කට පමණ ඉහතදී කියා තිබුණා, විදුලිය ජනනය කරනු ලබන ජලපෝෂක ප්‍රදේශ වලට ප්‍රමාණවත් වැසි ලැබුනොත් විදුලි පාරිභෝගිකයාට දරන්න අමාරු " ඉන්ධන ගැලපුම් ගාස්තුව" බිල්පතින් ඉවත් කරනවා කියලා. එය එසේම නම් එළඹී ඇත්තේ එම හෝරාවයි. ජයවේවා!!! (නි)

:       0       0

සුලක්ෂි Friday, 13 June 2014 05:59 PM

මගේ රට කොච්චර ලස්සනද කියලා හිතෙනවා මේවා දකිද්දී (නි)

:       0       0

සමන්ත- කොත්මලේ Friday, 13 June 2014 08:23 AM

ඇත්තටම මට ගොඩක් සතුටු හිතෙනවා මගේ පළාතේ තිබෙන ලස්සන දැක්කහම. ඒත් අපි වගේ දුප්පත් මිනිසුන්ට ස්වභාව ධර්මය විසින් හිටිගමන් කරදර කරනවා. ඒත් අපි තරහා නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 98 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 260 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site