IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


කතුන් 3ක් සමග ට්‍රිප් ගිය හිමිට වැඩ වරදී

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම වැලිපැන්න  දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය සමීපයේ වැලි පැන්නපොලිස් වසමේ පිහිටි  ප්‍රධාන  විහාරස්ථානයක නායක හිමිනමක් තරුණ රූමත් කතුන් තිදෙනෙකු සමග ගිහි ඇදුමින් සැරසී  කතරගම ලුණුගම් වෙහෙර  තිස්සමහරහම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් සිටියදී  දායක සභාවේ  ගම්වැසියන් කීප දෙනෙකුට හසුවී ඇතිවූ සමස්ථ දායකයින්ගේ  විරෝධතාවක් හේතුවෙන්  එම විහාරාධිපති හිමියන්  සඳුදා රාත්‍රියේම පන්සල හැර ගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කිය.  

එම විහාරාධිපති හිමියන්   කතුන් තිදෙනෙක් සමඟ ගිහි ඇදුමින් සැරසී ඉහතින් සඳහන් ප්‍රදේශවල විනෝද චාරිකාවකට ගොස් සිටියදී  එම දිනයේම ගම්වැසි තරුණියන් කිහිප දෙනෙකුද  කතරගම ප්‍රදේශයට  ගොස් සිටියදී පන්සලේ හාමුදුරුවන්  ගිහි ඇඳුමෙ කතුන් තිදෙනෙකු සමග සිටින අයුරු දැක විමතියට පත්ව එම තරුණයන්  ගෙන තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශන ෆේස්බුක් සමාජ  මාධ්‍ය ජාලය ඔස්සේ  පළ කිරීමට පියවර ගැනීමත් සමඟ   එම හිමියන් විනෝද චාරිකාව අවසන් කර විහාරස්ථානයට පැමිණෙන්නටත් පෙර  විහාරස්ථානයේ දායකයින් එය දැක එම විහාරස්ථානය ඉදිරිපිට උන්වහන්සේට දැඩි විරෝධයක්  පළ කිරීමත් සමග පෙරෙදා (29) රාත්‍රියේම   පිටව ගොස් ඇතැයි වැලිපෙන්න පොලිසිය කියයි.

එම කතුන් තිදෙනා සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුවනු  ඇතැයි  පොලිසිය කියයි.

වැලි පැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්     විහාරස්ථානය  ඉදිරිපිට දී   පැවති විරෝධතාවයේ සාමය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.



අදහස් (10)

කතුන් 3ක් සමග ට්‍රිප් ගිය හිමිට වැඩ වරදී

සෙනෙවිරත්න Wednesday, 31 January 2024 11:45 AM

මේ ප්‍රවෘත්තිය අනුව සමහර අය කියාවි බුද්ධාගමට අපහාස කරනවා. එන් ජී ඕ සල්ලි අරගෙන කුලියට කරනවා කියලා... මහනායක උන්නාන්සේලාත් ඔහොම කියලා තිබුණා. මම අහන්නේ මේ අයටද අපි ගෞරව පූර්වකව වඳින්න කියන්නේ? කොහොමද දුස්සීලය හඳුනා ගන්නේ...? දුස්සීල භික්ෂුවක් හෙලි වුණාම වචනයක්වත් නොකියන උන්නැහේලා මේවා ගැන හොයන අයට දොස් කියනවා. සමාජ මාධ්‍ය නොතිබුණා නම් මේ ප්‍රවෘත්තියේ ඉන්න හිමියෝ තවමත් පිං බත් කාලා වයසක මිනිස්සුන්ගෙන් වැඳුම් ලබනවා. ළඟදී කට්ටඩි හාමුදුරුවන් කෙනෙක් මරලා තිබුණා. කට්ටඩිකම් කිරීම හරිද? අපි වඳින්නේ කට්ටඩියාටද සිවුරටද? ගෙදර සිවුරක් එලලා ඒකට වඳින එක හරිද ඒ අනුව..?

:       1       50

Pansi Laka Wednesday, 31 January 2024 12:12 PM

TV එකේ චමුදිත එක්ක හාමුදුරුවෝ කියපු කතාව ඇත්ත...!

:       1       28

ගිහියෙක් Wednesday, 31 January 2024 01:00 PM

අපේ හාමුදුරුවෝ ගිහි ඇඳුමින් නිර්වාණය හොයාගෙන ගිහින්. තරුණ රූමත් කතුන් සමගින් නිර්වාණයට කලින් රහත්ඵල ලබලා...!!!

:       1       26

උපාසක මහත්තෙයා Wednesday, 31 January 2024 01:17 PM

රූමත් කතුන් තිදෙනෙක් සමග ගියා කියලා නේද කියන්නේ? මට මෙහෙම මතක් වුණා.. සිරිමා බෝමුල විදුරාසන මත බෝසත් වැඩ සිටිනා සුරනා රැඟුමත්... ඉතින් ඒ හාමුදුරුවෝ වටකර ඉන්න ඇත්තේ තන්හා රතී සහ රගා කියන මාරයාගේ දූලා තුන්දෙනා තමයි.. හාමුදුරුවෝ මාර දූලා පරදා එන්න ඉස්සරවෙලා දායකයෝ හාමුදුරුවෝ මාර දූලා සමග පලවාහැරීම කරලා තියෙනවා. ඉතින් හාමුදුරුවෝ නිවන්සැප ලබන්නේ කොහොමද සැදැහැවතුනි..?

:       2       26

Chandanie Wednesday, 31 January 2024 06:48 PM

ගමේ අයට පන්සල හා හාමුදුරුවෝ ආරක්ෂා කරන්න අවශ්‍ය නම් ඔය මාර දූවරු තිදෙනාට තන්හා, රතී, රගා කියලා වයස අනුව නම් කරන්න ආයේමත් ඔහොම අසික්කිත වැඩ නොකරාවි කියලා හිතෙනවා...!

:       0       2

පිටිගල මිලානෝ Wednesday, 31 January 2024 01:44 PM

ඇබිත්තයෝයි පොඩි නමවලුයි, මදිවෙලාද මේ නාඹර ඇබිත්තියෝ තුනක් හොයාගෙන තියෙන්නේ…?

:       5       21

Prabha Wednesday, 31 January 2024 02:12 PM

හාමුදුරුවන් හැර වෙනත් පිරිමින් හොයාගන්න මේ ගැහැණුන්ට බැරිද?

:       0       24

අරවින්ද මොනරවිල Wednesday, 31 January 2024 06:10 PM

සංඝයාට යමක් පූජාකළ විට ලැබෙන ආනිසංස ගිහියෙකුට යමක් දුන්විට ලැබෙන ආනිසංස වලට වඩා වැඩිබව ඔය උපාසක මහතා දන්නේ නැද්ද?

:       0       1

Dayalayn Wednesday, 31 January 2024 07:26 PM

මේවාට දැඩි දඬුවම් ලබා නොදුනහොත්... ලංකාවේ බුද්ධාගම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වේ...!

:       0       2

නිමල් Wednesday, 31 January 2024 08:08 PM

තාම නිර්මල බුදුදහම ආරක්‍ෂා කරන්නේ අරණ්‍ය ගත ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාව ඒ ස්වාමීන් වහන්සේලා ඉතා සීල වන්තයි.. උදාහරණයක් පොල්ගස් ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානය, නා උයන, නිමලව, උන්වහන්සේලා මුදල් පරිහරණය කරන්නේ නැහැ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 62 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් අ


‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘
2024 මැයි මස 05 275 1

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුව


වසරේ එක්දින ක්‍රීඩිකාව චමරි
2024 මැයි මස 05 158 0

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ස්ම


විමල් පිලෙනුත් ජනපති අපේක්ෂකයෙක්
2024 මැයි මස 05 251 2

රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.


මධ්‍යම අධිවේගයේ සිමෙන්ති බාල්ක කඩා වැටේ
2024 මැයි මස 05 1083 0

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා 4 පස


ආසියාවේ වැඩිම වීසා ගාස්තුව ශ්‍රී ලංකාවේ
2024 මැයි මස 05 409 2

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 491 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1939 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1705 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site