IMG-LOGO

කතුන් පස් දෙනාගේ ළැම කෝටි දෙකයි

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් සහ රන් ආභරණ කිලෝ තුනක්  තම තිසර පටවල  සඟවාගෙන සිංගප්පූරුවේ සිට  පැමිණි  කතුන්  පස් දෙනෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

මොවුහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි රෙදි පිළි ව්‍යාපාරවල නිරත කාන්තාවෝ වෙති.

මොවුන් ලඟ  තිබී රන් බිස්කට් 10 යක්, වළලු 08 ක්,  රන් දම්වැල් 02 සහ බ්‍රේස්ලට් 02 ක් අත් අඩංගුවට ගෙන

සැකකාරියෝ  ඊයේ සිංගප්පුරුවට ගොස් ඇති අතර අද ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 307 දරණ ගුවන්යානයෙන් යළි දිවයිනට පැමිණ ඇත. මොවුහු රේගුවට භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන් පිටවන මාර්ගය ඔස්සේ පැමිණ ගුවන් තොටුපොළෙන්  පිටවීමට උත්සහ කරද්දී අත් අඩංගුවට ගෙන ඇත.

මොවුහු  නිතර  නිතර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බවත්  සිංගප්පුරුවට ගිය පළමු වතාව මෙය බවත් රේගුව කියයි.

රේගුව  විසින් දීර්ග ලෙස ප්‍රශ්ණ කිරීමේදී එක් කාන්තාවක් මහත් සේ හඩා වැලපෙමින් පවසා ඇත්තේ තමන් සිංගප්පුරුව දැක බලා ගැනීම සඳහා එහි ගිය බවත් මෙම රත්තරන්  එහිදී නාඳුනන පුද්ගලයෙකු විසින් ලබා දුන් බවයි. සෙසු කාන්තාවෝද එසේම ප්‍රකාශ කොට ඇත.

කෙසේ වෙතත් රේගුව පවසන්නේ දීර්ග කාලයක කළ විමර්ශනයක් මත මෙම වැටලීම සිදු කළ බවයි.

මේ පිළිබඳව වැඩිදුර   විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන සුනිල් ප්‍රේමරත්න, එස්.ඩබ්ලිව්.සී ජයමිණි යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ,  හසන්ත ගුරුගේ, උදය ගාමිණී සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීහු සිදුකරති.

 

 1

4

 3 6 7 8

 

 



අදහස් (0)

කතුන් පස් දෙනාගේ ළැම කෝටි දෙකයි

ඉසුරන්දි Sunday, 14 September 2014 04:24 AM

චෙක් කරන්න බැරි තැන්වල කොච්චර නම් හොර බඩු හංගං යනවා ඇද්ද? (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Saturday, 13 September 2014 10:56 AM

අපේ රන් මැණිකෙලා මෙතරම් තොගයක් විදේශ රටවලට ගෙනියන්නේ ලංකාවේ කොහේ තියෙන රත්තරන්ද ? (නි)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Saturday, 13 September 2014 11:36 AM

එක ගෝල කණ්ඩායමක පොඩි වැඩක් මේක! (නි)

:       0       0

මහේෂ්‍ Saturday, 13 September 2014 11:58 AM

මේවා කොහොම ගෙනාවද දන්නෙ නැහැ (නි)

:       0       0

අනුර පනාගොඩ Saturday, 13 September 2014 12:41 PM

කොතනද සඟවලා තිබුනේ අහන්න ආසයි අපිටත් කියන්න (නදී)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Saturday, 13 September 2014 01:09 PM

ලංකාවේ අපේ ජනතාව ගේ සමාජ පරිහානිය සහ යහපත් ගෞරවනිය ජීවන රටාවක් හොඳ සශ්‍රික සමාජ වට පිටාවක් ගොඩ නගා ගැනීමට තිබෙන ප්‍රධානම බාධාව වන්නේ ඔවුන් හොරාට හොරා කීමටත්, වංචා කාරයට වංචා කරයා කීමටත්, කුඩ්ඩට කුඩ්ඩා, වනචරයට වනචරයා කීමටත් බොරුකාරයට බොරුකාරයා කීමටත් තමන් තුල ශක්තියක් මද කම බව මගේ වැටහීමයි. ඇතැම් අය කියයි මෙය ගැටුම් කාරී ක්‍රමයක් කියලා. නමුත් විග්‍රහාත්මකව බැලුවම මෙය කෙනෙක්ගේ යථාර්තය ඉස්මතුකර ඔවුන්ට ජීවිතය පිළිබඳව ස්වයං අර්ත නිරූපනයක් ලබාදීමක් ලෙස පැහැදිලි කර දිය හැකියි. එසේ කරන විට ඔවුන් වගකීමකින් සමාජය සමග කටයුතු කිරීමට පෙලබිමක් කරාවී. එසේ නැතුව ඔවුන්ගේ වැරදි වැඩ වලට ව්‍යංගයෙන් උදව් කිරීමක් කොට පිළිගැනීමක් දී ඔවුන්ට හොඳ සමාජගත පුද්ගලයන් වීමට තිබෙන අවස්ථා අහිමි කිරීමට හේතු වශයෙන් අපිත් වරද කරුවන් වෙයි. (නදී)

:       0       0

රණතුංග Sunday, 14 September 2014 06:58 AM

ලැම ඔතරම් වටිනේද....? (නදී)

:       0       0

බංඩාර Saturday, 13 September 2014 01:56 PM

රත්තරන් ගෙනියන්නේ කුඩු ගේන්න. මොකද අද කුඩු තමයි වටිනාම දේ. ඒ නිසා කෝටි 3 දඩයකුත් ගහන්න අැගට නොදැන ගෙවයි (නදී)

:       0       0

සමන් කුමාර Saturday, 13 September 2014 02:07 PM

අප්පට සිරි ගජ! එහෙනම් අතන සෑහෙන්න රත්තරන් හංගගෙන ඉන්න ඇති. (නදී)

:       0       0

පියුම් Saturday, 13 September 2014 02:53 PM

මම හිතුවා පින්තුර තියනවා කියල පලකරපුහම ලැම පෙදෙස කට්ටියගේ දායි කියලා (නදී)

:       0       0

අබේ Saturday, 13 September 2014 02:57 PM

ලැම කෝටි 2 ක්. ඊට වඩා වටිනවා. (නදී)

:       0       0

සමන්ත Saturday, 13 September 2014 03:10 PM

මේ කතුන්ගේ ලැම කෝටි දෙකද?නැත්නම් රත්තරන්වල වටිනාකම කෝටි දෙකද ? මොකද ග්‍රෑන්ඩ්පාස් කට්ටියක්නේ ....සමහර විට රත්තරන් වලට වඩා වටින්න පුළුවන් (නදී)

:       0       0

සමන්ත Saturday, 13 September 2014 04:07 PM

ලැම පෙන්නන්නේ නැද්ද? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 13 September 2014 04:36 PM

අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද අප්පා සිද්ද වෙන්නේ? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 13 September 2014 04:36 PM

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී කෝටි කීයක රත්තරන් අල්ල ගත්තද? එ්ත් අසරණ දුප්පත් මිනිසුන්ට වේලක් කන්න සල්ලි නැහැ. රටේ දරුවන් මන්දපෝෂනයෙන් පෙළෙනවා. අඩුම වශයෙන් දුප්පත් පාසල් වල දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් දෙන්න බැරිද? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 13 September 2014 04:38 PM

ටියුනිසියාවේ ජනාදිපති ජනතා විරෝදය මැද්දේ පල්ලම් බසින කොට ඔහුගේ බාර්යාව සතුව රත්තරන් කිලෝ 100 ක් තිබිල තියෙනවා. ඔවුන් රත්තරන් ඇතුලු දුෂනයෙන් එකතු කර ගත්තු දනස් කන්දයත් අරගෙනයි රටින් "චුත" වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

වරුණ Saturday, 13 September 2014 05:05 PM

මෙච්චර වටිනවාද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 13 September 2014 05:07 PM

ඕවා අල්ලා දුන්නා කියලා අසරණ ජනතාවට ලැබෙන සහනයක් කුමක්ද? (නි)

:       0       0

කින් බෙනට් Saturday, 13 September 2014 05:20 PM

කෝ අනේ! අල්ලපු අයගේ ඡායාරූප තිබුනට අහුවුණ අයගේ ඒවා නැහැනේ. (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 14 September 2014 09:55 AM

මම සිතුවේ මෙපමණ කලක් හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමා නිළියන්ගේ ලැම පමණයි ගොඩාක් වටින්නේ කියා. දැන් බැලුවම අපේ ලංකාවේ ගැහැනුන්ගේ ලැම කෝටි ගණන් වටිනවා. (නදී)

:       0       0

ගජදීර Sunday, 14 September 2014 10:41 AM

රිචි අයියේ, වැලද...? වරකද....? (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 13 September 2014 08:37 PM

මට හිතෙන හැටියට තව රත්තරන් ඉතුරුවෙලා තියෙන්නත් පුලුවන් (නි)

:       0       0

විජයානන්ද Saturday, 13 September 2014 09:14 PM

කෝටි දෙකක් වටිනවා??? (නි)

:       0       0

සමන්ති Sunday, 14 September 2014 12:22 AM

ළඳුනේ ළඳුනේ... ලැම පමණක් කෝටි වටින ළඳුනේ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 14 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 37 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 92 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1076 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 657 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 700 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1426 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site