IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කතානායක විශ්වාසභංගෙට අත්සන් ගැනීම අරඹයි


(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන්  ගැනීම මේ සතියේදී  අරඹන බව  සමගි  ජන බලවේගය පවසයි.


එම විශ්වාසභංග යෝජනාව සකස් කරගෙන යන බවත්  යෝජනාව බොහෝ දුරට එන සතියේ දී භාරදීමට නියමිත බවත්  පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල්  අරුණ ජයසේකර මහතාට විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු  විශ්වාසභංග යෝජනාව   පිළිගත නොහැකි බව කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට  දැනුම් දුන්නේය.

මෙහිදී  කතානායකවරයාගේ එම තීරණය විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. එම සිද්ධිය මෙන්ම විවිධ විසමාචාර ක්‍රියා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව  සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ  දයාසිරි ජයසේකර මහතා පැවසීය.



අදහස් (5)

කතානායක විශ්වාසභංගෙට අත්සන් ගැනීම අරඹයි

අරවින්ද මොණරවිල Monday, 15 September 2025 01:32 PM

අබල දුබල අන්ද මන්ද විපක්ෂයට වෙන කරන්න දෙයක් නැත්නම් බේරේ වැවට පැනලා නාගනිල්ලා... රටේ මුදල් කාබාසිනියා කරන්නේ නැතුව, බිමල් රත්නායක සහෝදරයා කියන විදියට මොවුන්ව පරදවන්න ආණ්ඩුවට බස්නාහිර පළාතේ මන්ත්‍රිවරුන් ටික විතරක් හිටියාම හොදටම ඇති. ඒකවත් නොතේරෙන ගොන් විපක්ෂයක් මේක...!

:       1       26

ලමය Monday, 15 September 2025 01:56 PM

අපිත් ඇතුලේ ඉන්නවා කියලා පෙන්නන්න. නන්නත්තාර වෙච්චි මිනිසුන්ගේ විලාපය...

:       1       17

DECODE Monday, 15 September 2025 02:28 PM

සුබපැතුම්, විරුද්ධ පක්ෂය මේ කරන වැඩේට අපෙන් සුබපැතුම්...

:       18       2

පිටරැටියා Monday, 15 September 2025 03:45 PM

විපක්ෂයේ ඉන්න අපතයින්ට විරුද්ධව විස්වාස භංගයක් ගෙනාවා නම් තමා වැඩිය හොද?...

:       1       16

ලුම්බිණි Tuesday, 16 September 2025 07:29 AM

දැන් ඕක බාර දෙන්නේ කතානායකටමද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 7 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site