IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කතානායක නිවෙස වැටලූ 13ක් නිදොස් කර නිදහස්

(කේ බුද්ධික කුමාරසිරි)

බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ දී කතානායකවරයා ගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි බවට තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයක ඉදිරිපත් කර ඇප මත සිටි සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙලා මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කළාය.

ඉකුත් අරගල සමයේ 2022 මැයි මස 04 දින හෝ ඊට ආසන්න දිනයකදී රටෙහි පැවැති තත්වය සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කිරීම සදහා සංදේශයක් බාර දීමට බව පවසමින් යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනකු මෙලෙස තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පසුව මහරගම පොලිසියේ රදවා තබා ගනිමින් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි

එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13 වෙනුවෙන් නීතිඥවරුන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ.

සංවිධානාත්මකව අයුතු ජන රාශිය ඇති කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම , පොලිසියට සහ මහජනතාවට බාදා කිරීම ඇතුලු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන් වෙත පොලිසිය මගින් අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කර තිබුණි.



අදහස් (0)

කතානායක නිවෙස වැටලූ 13ක් නිදොස් කර නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site