IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කතානායකට විරෝධය පා විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව යති

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

 

ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදෙන ලදයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින්  සමගි  ජන බලවේගය  ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්  මීට ස්වල්ප මොහොතකට පෙර  පාර්ලිමේන්තු සභා ගර්භයෙන්  පිටව ගියහ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසුවේ කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කාලය නොදී ඒකාධිපතිවරයකු ලෙස හැසිරීම නිසා ඊට විරෝධය පළ කරමින් සභාගර්භයෙන් මෙසේ පිටව ගිය බවයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද දවස පුරාම සභා ගර්භයට නොපැමිණෙන බව ඔහු සඳහන් කළේය.



අදහස් (10)

කතානායකට විරෝධය පා විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව යති

Pankumburage Tuesday, 17 June 2025 11:43 AM

එළියෙම ඉදපල්ල කරදර නොකර, බොහොම ස්තුතියි.

:       0       0

කෝරලගේ Tuesday, 17 June 2025 12:00 PM

මේ දයාසිරි පාර්ලිමේන්තු සම්ප්‍රදායට කාළය නාස්ති කරන මහා හිසරදයක්. එක ඡන්දයක්වත් නැති පක්ෂ වලින් පක්ෂ වලට පැන පැන යන බංකොලොත් චරිතයක්.අනික කට අරියෝත් කියන්නේ පාට්ට පල් බොරුවක්. මොනවට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යැවූ වද මන්ද???

:       0       0

saman Tuesday, 17 June 2025 12:21 PM

උබල නම් හැමදාම පාර්ලිමේන්තුවට නාවත් කමක් නැහැ. රටට වැඩකුත් නැති පක්ෂයට වැඩකුත් නැති ගෙදරට වැඩකුත් නැති අපතයන්.

:       0       0

Perera Tuesday, 17 June 2025 12:45 PM

ඕකුන් උන්නා කියලත් ඉතින් වැඩක් නැහැනේ ලොකු සද්ද කරනවා ඇරෙන්න

:       0       0

කපුරුහාමි Tuesday, 17 June 2025 01:28 PM

කෑකෝ ගගහා බෙරිහන් දෙන බාධා කරන ඔය අපතයෝ නැති තරමට හොඳයි.

:       0       0

Kamal Koyrala Tuesday, 17 June 2025 02:03 PM

මේ යුද්ධය සම්බන්ධයෙන් අප වැනි නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටකට දැනට අවශ්‍යතාවයක් නැහැ .ඇරත් සාමයෙන් කටයුතු කරන්න කියා කරන ඉල්ලීම හැර අපට කල හැකි දෙයක් නැහැ

:       0       0

mangala Tuesday, 17 June 2025 02:09 PM

ඇති යන්තම් මළ කරච්චලේ ඔහොමම එලියට වෙලාම සහභාගි නොවීම ඉන්න. අපේ ලේ කෝප වෙන එකක් නැහැ විපක්ෂේ ගොන් කතා අහලා.

:       0       0

කපුරු හාමි Tuesday, 17 June 2025 04:51 PM

නයි මුගටි එකතු වෙලා කොළඹ බලය අල්ලගන්න බැරි වුණු ලැජ්ජාවට මාරුවෙන්න ඇති.

:       1       4

Warnasinghe Tuesday, 17 June 2025 05:18 PM

ඉරාන ඊශ්‍රායෙල් යුද ගැටුම ගැන ලංකාවේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවාට වඩා හොඳයි නේද ඒ රටවල් දෙකට ගිහින් ඒ රටවල නායකයන් සමඟ සාකච්ඡා කරා නම්...!

:       0       4

රුවන් Tuesday, 17 June 2025 05:19 PM

දැන් ඉතිං කනක් ඇහිලා ඉන්න පුළුවන්. විපක්ෂය අංගොඩ මානසික රෝහලට දැම්මා නම් තවත් වටිනවා...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site