IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


කොත්තු - රයිස් - ප්ලේන්ටි මිල ඉහළට

 

(යොහාන් භාසුර)

 

ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තුවක මිල රුපියල් 20 කින් සහ රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දැමූ බව ද එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් මහතා පැවසුවේ ගෑස් මිල ඉහළ ගිය ද නිරන්තරයෙන් ගන්නා ආහාර මිල ඉහළ දැමීම පිළිගත නොහැකි බවත් එවැනි ආහාරවල මිල පාලනයක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කළයුතු බවත්ය.

රුපියල් 35 කට මිලදී ගන්නා බිත්තරයක් දමා බිත්තර ආප්පය රුපියල් 150 කට අළෙවි කිරීම අසාධාරණ බව කී අසේල සම්පත් මහතා ව්‍යාපාරිකයන්ට ලාභ ලැබීමට නම් ජනතාවට ගතහැකි මිලකට ආහාර අළෙවිකළ යුතු බව ද සඳහන් කළේය. 

 



අදහස් (16)

කොත්තු - රයිස් - ප්ලේන්ටි මිල ඉහළට

duminda Thursday, 05 October 2023 01:23 PM

යකෝ මුන් ගෑස් ටැංකියෙන් රයිස් 7ද හදන්නේ

:       0       34

NimalThursday, 05 October 2023 02:25 PM

හරියට හරි ..අනික් එක තමයි ගෑස් මිල අඩු කරත් කෑම මිල අඩු කරන්නේ ඉතාම සුළු ගානකින් .ගොඩක් වෙලාවට අඩු කරන්නෙත් නෑ

:       0       5

ajithThursday, 05 October 2023 05:26 PM

ලංකාවේ පාසල් දරුවන් බහුතරයක් මේවනවිට මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී ඇති අතර හෙරොයින්, හෂීෂ්, ගංජා, අබිං, අයිස්, ටැබා අතරට අලුතින්ම එකතුවී ඇති E-Cigarette (ඊ-සිගරට්) ලංකාවට ගෙන්වීම බෙදාහැරීම තහනම් කිරීමටද රජය කටයුතු කලයුතුවේ. එසේ කරනාවූ පුද්ගලයන් සදහා නිතිය දැඩිව ක්‍රියාත්මක කලයුතුවේ

:       0       0

samanThursday, 05 October 2023 05:02 PM

ලෝක වෙලදපොලේ ගෑස් මිල ඉහල යයි, ලංකාවේ ගෑස් මිල ඉහලයි, කොත්තු - රයිස් - ප්ලේන්ටි මිලත් ඉහළ යයි. ලෝකවෙලද පොලේ ගෑස් මිල ඉහල යාමට මුලික හේතුව නම් Winter කාලයේ බටහිර රටවල ගෑස් සදහා ඉල්ලුම වැඩිවීම නිසාවෙනි.

:       0       0

මීපේ විමලසේන Thursday, 05 October 2023 02:20 PM

ඔය වැඩිකිරීමට පෙර ගත් මිලත් ඉතාමත් අසාධාරණයි ඇත්තටම නෝමල් රයිස් එකක් කියලා දෙන බත් ටිකයි ගෝවා කොළ අගලක පමණ කොටසක් හා කැරට් චුට්ටයි කුකුල් මස් කෙදි හතරක් පහක් දාලා හොදි මේස හැදි දෙකක් සමග රුපියල් 550/= කියන්නෙ කොපමණ ගසාකෑමක්ද කියලා සමහරක් වෙළෙන්දන් ඉන්නවා හවසට හදන්නෙ නෝමල් රයිස් විතරයි හිතන්න ඒ මිල තවත් වැඩිකලොත් කොහොමද ඇත්තටම අසේල මුදළාලි කියනදේ හරි

:       0       0

සුපුන් Thursday, 05 October 2023 02:22 PM

ඊට හපන් ප්ලේන්ටි. 35යි පුලුවන්

:       0       6

සමනලයා Thursday, 05 October 2023 02:25 PM

දැන් නම් කාර්යාල වල වැඩකරන මිනිසුන්ට දවල්ට කෑම එකක් එක්කෝ ගෙදරින් ගෙනියන්න ඕනේ නැත්නම් දවල්ට නොකා ගෙදර එන තත්වයක් තියෙන්නේ .රනිල්ට වගේ පින් පඩියක් /.දිමනාවක් රටේ හැම පුරවසියටම දියයුතුයි කියල මන් යෝජනා කරනවා

:       7       11

රාවණා Thursday, 05 October 2023 04:45 PM

සමනලයා මහත්මයා, ඔබ කොහොමද කියන්නේ රනිල් ගන්නේ පින් පඩියක් කියලා, එතුමා ජනාධිපති වුණු දා ඉඳලා දිවා රෑ නොබලා වැඩ, දේශපාලනය කියන්නෙත් රැකියාවක් ඉස්සර ඉඳන් තිබුණු

:       0       0

බද්රානි Thursday, 05 October 2023 02:59 PM

කඩේ කෑම මිල ගණන් වැඩි නම් ගෙදර හදාගෙන කන්නනේ තියෙන්නේ... ඔය කඩචෝරු කනවාට වඩා ඒක කොච්චර හොඳද..? අනික පිරිසිදුයි... අර ඒ කාලේ අඩු ගානට "වඳ කොත්තු" ගිලලා දැඟලුව ඒවල ප්‍රතිපල තමයි මේ... අර රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් දහදාහකින් වැඩිකරලා, අත්‍යාවශ්‍ය භාණ්ඩ විසි පහක මිල අඩුකරපු කාලේ, "හලාල් බිල්ලට" බයවෙලා කන්න නැතත් ඉන්න රටක් ඕනා වුණා, කට්ටියට මතකද මන්දා..? ඔහොම වෙලා මදි ඔබලාට...?

:       0       0

lankaputha Thursday, 05 October 2023 03:36 PM

විශාල විකුණුම් කර වැඩි ලාභයක් අවශ්‍ය පුද්ගලයින්ට අඩු මිලට භාණ්ඩ අලෙවි කළ හැකි අතර එමඟින් මෝඩයන් ව්‍යාපාරය වසා දමා සැබෑ ව්‍යාපාරිකයා විසින් ආරම්භ කරන ලද නව ව්‍යාපාරයට වේටර්වරුන් ලෙස සම්බන්ධ වේ.

:       0       0

Sadun Thursday, 05 October 2023 04:12 PM

මම අද සිට කඩේ රයිස් කන්නේද නැත.කොත්තු කන්නේද නැත.කඩේ තේ බෝන්නේද නැත.

:       0       1

Hemantha Thursday, 05 October 2023 04:14 PM

මේ වන විට ලංකාවේ හොදටම හම්බකරන්නේ Short eat කඩය .

:       0       0

ගමේ එකාලා Thursday, 05 October 2023 04:36 PM

රටම හොරාකාලා කාබාසීනියා කරපු කාලකන්නි බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ .උන්ට චන්දෙ දීලා බලයට ගෙනාපු අපිට තමා හැම දේකටම මුහුණ දෙන්ඩ වෙලා තියෙන්නේ ?

:       0       0

WIMAL Thursday, 05 October 2023 05:14 PM

අවශ්‍ය තැන්වල ඉන්න අයට කිසිම දැනීමක් නැහැ රට බැලන්ස් කරගෙන වැඩකරන්න ,සැවොම දැනගතයුතුයි මෙයාලාගේ කැපෑසිටි එක.ඉදිරියේදීවත් හොඳ දැන උගත් අය පාලිමන්ට් එකට යැව්වේ නැත්නම් මේ ශ්‍රීලංකා ජාතියට අබ සරණයි

:       0       0

fairoos Thursday, 05 October 2023 07:44 PM

කොත්තුව දැන් වඳ වෙලා යයි

:       0       0

R.C.Amaratunga Thursday, 05 October 2023 08:35 PM

ගෑස් මිළ පහල යනොකට කියනවා මිළ බස්වන්න බැහැ දර ලිප්වලින් උයන්නෙ කියලා.. මුන්වගේ ඌන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 1269 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 1903 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


කොට්ටාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 08 1279 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.


විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 567 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 2447 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 2260 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1207 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site