IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කතට පහරදුන් මේ කත කවුද

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොල්ලුපිටිය ගාලු පාරෙදි සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් තීරෝද රථයක රියදුරු මියයාමෙන් අනතුරුව එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට අමානුෂික ලෙස මහමඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

සිද්ධියෙන් ගොස් තිබුණේ කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෞද්ගලික සනීපාරක්ෂක සේවාවක කාන්තාවන් දෙදෙනකු ඉකුත් 10 වැනි දින අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බාරයට පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

එම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් සහකාර පොලිස් අධිකාරි ( කොළඹ දකුණ) 0718591578 ස්ථානාධිපති කොල්ලුපිටිය 0718591579 රථවාහන අංශයේ ස්ථානාධිපති කොල්ලුපිටිය 0718594455 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (19)

කතට පහරදුන් මේ කත කවුද

Perera Wednesday, 14 December 2022 08:29 AM

දැනගත්තත් කියන්නේ නැහැ මොකද උසාවියෙන් දෙන්නේ නැති දඬුවමක් මේ කෙනා වරදට වක්‍රව අනුබල දීපු ගැහැණු කෙනාට දුන්න නිසා.

:       24       63

සඳුන් Wednesday, 14 December 2022 08:31 AM

මහ බැංකු හොරු තාම නිදැල්ලේ ......

:       15       49

Viraj Perera Wednesday, 14 December 2022 08:42 AM

අනේ ඔව් අර අහිංසක මිනිහව යට කරපු අයට නීතිය ක්‍රියාත්මක කරනවට වඩා මේ ගැහැණු කෙනාව අල්ලමු.

:       11       65

නිහාල් Wednesday, 14 December 2022 08:45 AM

බීමතින් රිය පැදවූ කත ගෙදර ද?

:       9       46

pakeer Wednesday, 14 December 2022 08:47 AM

මහ බැංකු මංකොල්ලෙත් හොයන්නකෝ මේ වගේ බැහැලා.

:       13       44

Mr Don Wednesday, 14 December 2022 08:55 AM

මහ බැංකු හොරු ඇල්ලුවද, අරගලයට ගහපු කට්ටිය ඇල්ලුවද.

:       13       40

master Wednesday, 14 December 2022 09:13 AM

ශ්‍රියන්ති වගේ....

:       4       25

senarath Wednesday, 14 December 2022 09:20 AM

මේ වගේ නීතිය අතට ගන්න උදවියට හොඳ දඩුවමක් දෙන්න ඕන.

:       38       26

Gayan Wednesday, 14 December 2022 09:35 AM

ලැජ්ජයි, දැන් වැරදි කරු, වාහනේ හප්පපු කෙනාද.?

:       2       18

විජේ Wednesday, 14 December 2022 09:42 AM

ඔව්, මෙයාලව හිරේ යවන්න ඕනෙ ජීවිතාන්තයටම. ඒ වගේම කාර් එකේ ගිය අයව නිදොස් කොට නිදහස් කරන්නත් ඕනෙ. මෙතන සම්පූර්න වරද මැරුන ත්‍රීරෝද රියදුරාගෙනෙ..........

:       5       40

RANDIL Wednesday, 14 December 2022 09:54 AM

තාම නිදැල්ලේ ඉන්නේ මහ හොරු.

:       4       24

de silva Wednesday, 14 December 2022 10:00 AM

මේ කාන්තාවද අපට තිබෙන ලොකුම ප්‍රශ්නේ.?

:       7       28

ලුම්බිණි Wednesday, 14 December 2022 10:44 AM

කෙනෙක් වරදක් කලාම ඊට වඩා ලොකු වැරදි කරපු අය දඬුවම් නොලබා ඉන්නවා කියල එම වරද සාධාරණීකරණය කරන එක මෝඩ කම ප්‍රදර්ශනය කිරීමක්.

:       12       13

chithral Wednesday, 14 December 2022 10:54 AM

දිරිය ගැහැනුනේ, මිනිස්සුනේ නිතිය නැති රටක නිතිය අතට ගත්තාට නුඹලා නිවැරදි කරුවොයි.

:       8       22

මංගල Wednesday, 14 December 2022 11:21 AM

කෙලින් කටින් ඉන්න බැරි ගානට බිලා වාහන එලවන උන්ව අදුනගන්න පුළුවන් නේ .හොදට සලකන්න ඕනේ අනතුරක් කරපු වෙලාවට .බිලා වාහනේ එලවන්න දීලා ඇතුලේ ගිය උන්ටත් හොදට සලකන්න ඕනේ .

:       4       15

aruna Wednesday, 14 December 2022 11:27 AM

ඔය කාර් එක හැප්පුන වෙලාවේ ඔය ගුටිකාපු කෙනා පැනලා යන්න හැදුවාලු.

:       4       13

chithra Wednesday, 14 December 2022 11:40 AM

ඒකතමයි සිද්දවුනේ. ඊට පස්සේ එතන හිටපු ගැහැණු අය කිහිප දෙනෙක් ඔය ගැහැනියව අල්ලා ගත්තා.

:       4       9

osharap Wednesday, 14 December 2022 12:52 PM

ඔව් ඔව් ඔක්කොම වැඩ තියලා මේ මනුස්සයාව හොයමු!! දැන ගත්තත් කියන්නේ නැහැ කීයටවත්....

:       2       7

sampath Wednesday, 14 December 2022 06:35 PM

සාමාන්‍ය පුරවැසියන්ට ඕනෑම අපරාධයක් කරන තැනැත්තෙක් අත්අඩංගුවට ගැනීමට බලයක් තිබෙන, සද්භාවයෙන් වහාම රජයේ නිලධාරීන්ට දැනුම් දිය යුතුයි. මේ කාන්තාව කරලා තියෙන්නේ පැනලා යන්න හදපු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සහාය දීමක්.. එතැනදී අවම බලයක, සාධාරණ බලයක් යොදාගැනීම වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාන්තාවට එරෙහිව චෝදනා ගොනුකරලා ඉදිරියට යෑම දුෂ්කරයි. අනික මේ අය එක්ක පැමිණිලිකරුවන්ගේ පුද්ගලික කෝන්තරයක් තිබිලත් නෑ. ඔය කියන විදිහට... ඒ නිසා ඒ වෙලාවේ අපරාධයක් වැළැක්වීමට උත්සාහ දැරීමක් ලෙසයි පෙනී යන්නේ... කෙසේවුවත් රියඅනතුරකදී හෝ වෙනයම් සිද්ධියකදී ජනතාව ප්‍රෙව්සමෙන් සහ ඉවසිල්ලෙන් වැඩකළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site