IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කතක් මරූ තරුණයාට දිවි ඇති තෙක් වාහන තහනම්

(ඩබ්ලිව්.කීර්ති)

බීමතින් වෑන් රථයක් පදවා 36 හැවිරිදි කතක අනතුරට ලක් කර මරණය සිදු කිරීමේ චෝදානාවට වරදකරුවූ 19 හැවිරිදි තරුණයකුගේ රියැදුරු බලපත්‍රය  ජීවිතාන්තය දක්වා තහනම් කරන්නැයි මීගමුව මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා 19 නියෝග කළේය. 

ඊට අමතරව නඟා ඇති චෝදනා හයට රුපියල් 1,99,000ක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා අනතුරින් මියගිය කාන්තාවගේ මව්පියන්ට සහ සැමියාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ද නියෝග කළේය.

2021 දෙසැම්බර් මස 1 වැනි දා මීගමුව තලාදුව මාර්ගයේදී සිදු කළ මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වරද පිළිගත් චූදිතයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නදීමාල් මධුශාන් සිල්වා නමැත්තෙකි.



අදහස් (12)

කතක් මරූ තරුණයාට දිවි ඇති තෙක් වාහන තහනම්

de silva Wednesday, 19 October 2022 07:34 PM

නියම දඬුවමක්... මහේස්ත්‍රාත් තුමාට මගේ ප්‍රණාමය..!

:       1       34

Mendis-WiskyWednesday, 19 October 2022 09:37 PM

හැබැයි ක්‍රිකට් ගහන එකෙක් නම් හයේ පාරක් ගහලා දිවි ඇති තෙක් වාහන පදින්න කියයි!! ඒ වුනාට පාටියකට ගිහිල්ලා මෙන්ඩිස් ගහපු කුසල් බේරුනා නේද මචෝ..!

:       0       4

Rohana Wednesday, 19 October 2022 08:01 PM

රටට, සමාජයට හානිකරන ඇල්කොහොල් භාවිතය මෙරටින් මුළුමනින්ම තුරන්කළ යුතුමයි...

:       4       20

PereraWednesday, 19 October 2022 11:21 PM

ඕකත් හරියට දුප්පත්කමත් රටින් තුරන් කරන්න ඕන කියනවා වගේ වැඩක්

:       0       2

Kuma Wednesday, 19 October 2022 08:04 PM

වරද රියදුරුගේ නම් මෙම ක්‍රමය ලංකාව පුරා ක්‍රියාත්මක කළ යුතුයි.. කරුමේ ලංකාවේ අධිකරණවල සම්මත දඬුවම් මාලාවක් සකස් කළ යුතුයි.

:       2       30

Sam Wednesday, 19 October 2022 08:14 PM

නීතිය නියමෙටම ක්‍රියාත්මක වුණු විරල අවස්ථාවක්...! වන්දි මුදල මිලියනයක් වත් වුණා නම් තවත් හොඳයි.

:       0       33

බද්රානි Wednesday, 19 October 2022 09:15 PM

වැරැද්දට ලබාදුන් දඬුවම ගැන කිසිම ගැටළුවක් නැහැ. ඒත්, මෙවන් අනතුරකදී අනතුරට පත්වී මරණයට පත් වී සිටින පුද්ගලයා සම්බන්ධයෙන් වාහනය රක්ෂණය කොට තිබෙන රක්ෂණ සමාගමට පැවරෙන වගකීම මොකක්ද? ඔවුන්ට නිකම්ම අත පිස දමා ගැනීමට හැකිද? ගානක් දීලා දෙපැත්ත ශේප් කර ගැනීමද නීතිය කියන්නේ. ඇයි රක්ෂණ සමාගම් වල වගකීම පිළිබඳව මේ රටේ කිසිවෙක් කතා නොකරන්නේ? සංවාදයට බඳුන් විය යුතු මාතෘකා ගැන කතා කරන්න ලංකාවේ බල්ලෙක්වත් නැහැ.

:       0       0

Surathala Wednesday, 19 October 2022 09:48 PM

නීතියටත් විනිසුරුතුමාටත් හිස නමා ආචාර කරමි

:       0       2

janaka Thursday, 20 October 2022 07:55 AM

මේ අර ජුවලරි ෂොප් එක අයිතිකාරයාගේ පුතා නේද...

:       0       1

රටවැසියෙක් Thursday, 20 October 2022 08:00 AM

සාධාරණ තීන්දුවක් කාලෙකට පස්සේ. බීලා වාහන පදවන අයගේ රියදුරු බලපත්‍රය වසරකටවත් අත් හිටුවනවානම් හොඳයි.. මත්පැන් පානයෙන් මෙලොවටත්, එලොවටත් අයහපතක්මයි වෙන්නේ. රටේම ජනතාවට මත්පැන් පානයෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වලකින්න සිත් පහළ වේවා.!

:       1       3

Bunny Preena Thursday, 20 October 2022 09:46 AM

බිමත්කමින් සහ නොසැලකිලිමත්කමින් රිය පැදවීම නිසා මරණ සිදු වුනාම කිසිම සමාවක් නොදී රියදුරු බලපත සදහටම අහෝසි කිරීම නීතියක් කල යුතුයි.

:       0       3

විපරමා Thursday, 20 October 2022 01:30 PM

මීට කලින් සමහර දේශපාලුවන්ගේ පුත්තු කරපු අනතුරුනම් නිකම්ම ලෙස්සලා ගියා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site