IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කතක් කපුවාගේ උගුලේ වැටේ

සේවක අර්ථසාධක අරමුදලෙන් ලැබුණු රුපියල් පන් ලක්ෂයෙන් ඉඩමක් ගැනීමට දේව බැල්ම ලබා ගැනීමට පූජාවක් කරද්දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඇගේ සල්ලි මල්ල පැහැරගෙන ගිය බව පොලීසිය කියයි.

බණ්ඩාරගම කිඳෙල්පිටියේ මෙම කාන්තාවට පත්තිනි මෑණියන්ගේ බැල්ම ඇතැයි කියති.

පූජව සඳහා ඇය යා යුතු ස්ථානය කියා ඇත්තේ පාමංකඩ කපුවකු බව ද, රුපියල් දස දහසක් වියදම් වූ බව ද ඇය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මුදල් රැගෙන ගෙදරින් පිට විය යුතු වේලාව ද කපුවා විසින් ඇයට දන්වා ඇත.



අදහස් (0)

කතක් කපුවාගේ උගුලේ වැටේ

පිටිගල මිලානෝ Thursday, 30 May 2013 07:36 PM

ලංකාවේ කතුන් ඉතින් 'යං' කියනකන් නේ බලාගෙන ඉන්නේ කාත් එක්ක හරි කොහේ හරි යන්න. (නි)

:       0       0

අපොන්සු Thursday, 30 May 2013 02:13 PM

බෞද්ධාගම්කාරයො වෙලත් අබෞද්ධ දේවල් විශ්වාස කරන හැටි. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 30 May 2013 02:14 PM

මෙහෙමත් මෝඩ ගෑනු.(ස)

:       0       0

ජීවන්ත Thursday, 30 May 2013 02:20 PM

දෙයියෝ නියමෙට බැල්ම දාලා තියනවා. "නුඹ නාඩන්, නුඹ නාඩන්, නුඹට ඕවා හොඳ පාඩම්". (ස)

:       0       0

චන්දි Thursday, 30 May 2013 02:18 PM

පුදුමයි! ඒත්...,ඇත්තද........?(ස)

:       0       0

දුමින්ද Thursday, 30 May 2013 02:24 PM

දේවාලවල කපුවන් සහ මෑණිවරු අහිංසක ජනතාව රවට්ට මුදල් හම්බකරගෙන නියම මුදල් මංකොල්ලයක යෙදෙනවා,බල දාරීන් සහ නීතිය එදෙස උපේක්ෂාවෙන් බල සිටිනවා ,පුදුම වැඩ !(අ)

:       0       0

ජගත් Thursday, 30 May 2013 02:21 PM

පත්තිනි මෑණියන් බේරලා දෙන්නේ නැතිවයැ ජරමරය.(ස)

:       0       0

ජයතිලක Thursday, 30 May 2013 02:25 PM

නිදහස් චින්තනයක් නැති එක එකා මවන මනෝ ලෝක වල ජීවත් වෙන මිනිස්සුන්ට හොද පාඩම්.(ස)

:       0       0

අනුර Thursday, 30 May 2013 02:49 PM

ඉඩම ගන්ටත් කලින් දේව බැල්ම හොඳට වැඩ කරල තියනවා.(ස)

:       0       0

ලෙස්ලි Thursday, 30 May 2013 02:49 PM

හොද වැඩේ ඔහොම වෙන්නම ඕනේ කපුවෝ පස්සේ කට්ටඩීයි පස්සේ යනවට.(ස)

:       0       0

දයා අලහාකෝන් Thursday, 30 May 2013 03:00 PM

මිත්‍යා මත විශ්වාසකරමින්, අනුන්ගේ උගුල්වල හසුවී සේසතම නැතිකරගත්තා. අපට බොහොම කණගාටුයි. (ස)

:       0       0

අපොන්සු Thursday, 30 May 2013 03:15 PM

දුමින්ද, බලදාරීන් නෙමයි කෝ ඔය කියන දෙයියෝ එපයි දඩුවම් දෙන්න තමන්ගේ නම කැත කරන කපුවන්ට. දඩුවම් නැත්තේ , ගෙදර කවුරුත් නැති නිසාද? (අ)

:       0       0

අසේල Thursday, 30 May 2013 03:27 PM

කනගාටුයි

:       0       0

ක්‍රිෂ් Thursday, 30 May 2013 03:29 PM

පත්තිනි මෑණීයන්ටම කීවනම් සල්ලිටික අයිත් ලැබේවිනේ.(ස)

:       0       0

චමිල Thursday, 30 May 2013 03:36 PM

අයිත් ඉතින් මොනවා කරන්නද තව දේවාලෙක පොල් ගහවි. ඕක තමයි අපේ මෝඩ මිනිස්සුන්ගේ තියරිය.(ස)

:       0       0

චානක Thursday, 30 May 2013 03:38 PM

දෙවියොම බලත්වා. (ස)

:       0       0

ලලිත් Thursday, 30 May 2013 03:38 PM

මෝඩකමට බෙහෙත් නැතිලු.....දැන් පලයල්ලකෝ පොලිසි ගානේ, උසාවි ගානේ... (නි)

:       0       0

ආනන්ද Thursday, 30 May 2013 03:39 PM

ලංකාවේ ගොඩක් අය දැන් මේ වගේ දේවල් වලින් අන්ධ වෙලා. මෝඩකම තමයි ඉතිං (නි)

:       0       0

අංජන Thursday, 30 May 2013 03:40 PM

මිත්‍යා විස්වාස වලින් ඈත් වෙන්න උත්සාහ කරන්න. ලොතරැයි වාසනාවත් පිටුපස දුවන්න එපා. කීයක් හරි බැංකුවක ඉතුරු කරගන්න... (නි)

:       0       0

දම් Thursday, 30 May 2013 03:51 PM

21 වන සියවසේ ලංකාවේ මෝඩයෝ ඉන්නකම් රට පෙරටම.(ස)

:       0       0

සිල්වා Thursday, 30 May 2013 03:55 PM

මෝඩ කමට බෙහෙත් නැහැ, දැන් ඉතින් කැමති තීරණයක් ගන්න.(ස)

:       0       0

උපාලි Thursday, 30 May 2013 03:57 PM

මෙතන තියෙන සියලුම ප්‍රතිචාර ඒ ගැණු එක්කෙනාව තදබල උපහාසයට ලක් කරන ඒවා. හරි පුදුමයි මේ කවුරුවත් දන්නේ නැති එක රටේ ඉහලම පුද්ගලයන්ගේ ඉඳල සාමාන්‍ය ගැමියන් දක්වා සියලුම දෙනාගෙන් විශාල ප්‍රතිශතයක් දේව බැල්ම, හදි හූනියම් ආදිය විශ්වාශ කරලා වැඩ කරන බව. (ස)

:       0       0

ආනන්ද Thursday, 30 May 2013 03:59 PM

හැඳි මිටේ දිග.(ස)

:       0       0

සරත් Thursday, 30 May 2013 11:35 PM

ඔය සිද්දි වෙන්න මුලික හේතුව තමා අපේ බෞද්ධ මිනිසුන් අතුරෙන් ගොඩක් දෙනෙකුට චිත්ත ශක්තිය නැතිකම හා අදෘෂමාන බලවේග කියන ඒවා ඕනෑවට වඩා විශ්වාස කිරීම හා මෝඩකම (නි)

:       0       0

කීර්ති Thursday, 30 May 2013 04:01 PM

කපුවා ගැන සෙව්වොත් හොඳයි. (ස)

:       0       0

කමනි Thursday, 30 May 2013 04:11 PM

දැන් කවුරු හරි දෙවි කෙනෙක් මේකට විරුද්ධ වෙලා ගිනිතියා ගනීද ? (නි)

:       0       0

ආනන්දආර් Thursday, 30 May 2013 04:12 PM

දැන්වත් තේරුම් ගන්න ඔබට වඩා යමක් කරන්න පුළුවන් දෙවියෙක් උන්නා නම් ඔය උගුලෙන් ඔබව බේරාගන්නා බව. (නි)

:       0       0

ගුණපාල Thursday, 30 May 2013 04:16 PM

අනේ අනිච්චන්! හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා පැන්නලු.(ස)

:       0       0

දිමුතු Thursday, 30 May 2013 04:44 PM

කපුවගෙ මොළේ තමයි මොළේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site