IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කුණු ලොරිවලට පහර දුන් දෙදෙනකු වත්තලදී අත්අඩංගුවට


(වත්තල ඇන්ටන් ජයසූරිය)
කොළඹ නගරයේ එකතුවන කැළි කසළ මුතුරාජවෙළ බෝපිටිය රක්ෂිතයට රැගෙන ඒමට විරෝධය පාමින් කුණු ලොරිවලට පහර දුන්නැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  අද දහවල් කසළ ලොරි පහක් බෝපිටියට රැගෙන ආ අවස්ථාවේ ඊට විරෝධය දැක් වූ පිරිස් හා පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
එහිදී උද්ඝෝෂකයන් ගල්වලින් කුණු ලොරිවලට දමාගැසූ බවද දැනගන්නට ඇත.
මෙම කලබලකාරී තත්ත්වය සහ කුණු ප්‍රශ්නටය විසඳුමක් ලබා ගැනීමට වත්තල මීසම්පාලක ආනන්ද විතාන සහ සහකර මීසම්පාලග දිනූෂ ගයාන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හා සාකච්ඡාවකට ගිය බවද උද්ඝෝෂකයෝ පැවැසූහ. කසල ලොරි 111ක් පමණ බෝපිටිය රක්ෂිතයට ඊයේ දින පමණක් රැගෙන ආ බව ප්‍රදේශවාසීහු පැවැසූහ.



අදහස් (12)

කුණු ලොරිවලට පහර දුන් දෙදෙනකු වත්තලදී අත්අඩංගුවට

roshan Saturday, 22 April 2017 10:24 AM

ඉස්සෙල්ල අත් අඩංගුවට ගන්න ඕනේ රක්ෂිතයට කුණු දාන අයවනේ...

:       81       344

රජින්ද Saturday, 22 April 2017 12:02 PM

පුදුම රටක් මේක. රක්ෂිතයකට නිකමටවත් නිසි අවසරයකින් තොරව ඇතුල් වෙන්නවත් බැරිකොට, කුණු ගෙනිහින් දාන්න ඉඩදෙනවා. අරහෙන් රක්ෂිතය කප කපා ජනාවාස ඇති කරවනවා. මෙහෙන් කුණු දානවා. අන්තිමේදී හොයාගන්නවත් බැරි ලෙඩ-රෝග-වසංගත මිනිස්සුන්ට හැදෙනවා. ඒ ඔක්කොම කරවපු අය අරයට මෙයාට ඇඟිල්ල දික් කරකර ප්‍රශ්නේ යටපත් කරවනවා. මිනිස්සුන්ව බලහත්කාරයෙන් අසරණ කරවන රාජ්‍ය තන්ත්‍රයක් ලංකාවේ තියෙන්නේ.

:       62       308

ප්‍රීති Saturday, 22 April 2017 01:08 PM

රටේ තිබෙන කුණු ටික හරිහැටි කළමනාකරණය කර ගන්න බැරි පාලකයෝ කොහොමද රටක් පාලනය කරන්නේ? ජනතාවගේම පව්කාර කමට පත් උන, ඔළුගෙඩි ටිකත් කුණු වලින් පිරුණු, පරිසරයත් කුණු වලින් විනාශකරන රටම ගඳ ගස්සවන අඥාන නායකයින් තමයි අපිට ඉන්නේ.. කට කයිවාරු විතරයි වැඩ බැරි ටාසන්ලා !!!

:       116       139

rajapathi Saturday, 22 April 2017 03:06 PM

මේ විරෝධකරුවන් ගේ කුණු ප්‍රශ්නය විසදීමට විකල්පය කුමක්ද යන්න රජය සොයා බැලීම රජයේ වගකීමක්

:       0       0

saman Saturday, 22 April 2017 03:13 PM

මේක විධායක බලතල යටතේ නීති ගෙනල්ල, පරිසර හානිකිරීමට විරුද්ධ මිනිස්සු හිරේ දාල විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවේ මහත්තයෝ. මේ කුණු ප්‍රශ්නෙට රජයක් හැටියට ස්ථිර විසදුමක් දෙන්න

:       0       0

yasintha Sunday, 23 April 2017 01:47 AM

ශ්‍රී ලංකා හමුදව හා පොලිසිය කුණු ලොරි ආරක්ෂා කරමින් මිනිසුන්ට හිංසා කිරීමට යොදවන නායකයනි ... ඔබතුමන්ලා ගැන අපගේ අප්‍රසාදය !!!

:       0       87

rajith Sunday, 23 April 2017 03:17 AM

අපේ මිනිස්සු හැම වැඩටම දේශපාලකයින්ට බනිනවා. වැඩකට නැති අයව පත් කරන්නෙත් මහජනතාව. ගෙදර කුණු හැමතැනම දාලා ඩෙංගු හැදුනම දේශපාලකයන්ට බනිනවා. ඒ අය මොනවා කරන්නද? කුණු ඔක්කොම කවලමේ ගෙනත් ලොරියට දල නගරසභාවට කියනවා recycle කරගන්න කියලා. බනින්න ලේසියි. වැඩේ කරන්නනේ අමාරු. කුණු දාන්න එපා කියන්නේ නගර සභාව කුණු ටික කන්නද? එහෙනම් නගරසභාව කුණු එකතු කරන එක නවත්තලා කුණු ගෙවල් වලම තියාගන්න කියන්න තියෙන්නේ.

:       3       15

Chanaka los anjalis Sunday, 23 April 2017 03:34 AM

එකපාරට විසඳන්න බැහැ. ඉන්න චම්පික මෙගා පොලිස් හදනකම්...

:       0       0

ඩී. ජයදේව Sunday, 23 April 2017 09:22 AM

කුණු එපා කියලා පරිසරයට බොරු ආදරයක් පෙන්වන මිනිස්සු ම තමා මුතුරාජවෙල අනවසර ගොඩකිරීම් කරන්නේ. ලංකාවේ ඡන්දදායකයා කියන්නේ දේශපාලකයාට වඩා ජරා ජාතියක් වෙලා.

:       0       47

arschloch Sunday, 23 April 2017 10:58 AM

මිනිස්සුන්ට සල්ලි නැහැ, එ් නිසා ඔය ඉතුරුවෙච්ච ඉඳුල් සමග කුණු කාලම ජීවත්වෙන්න කියන ඔය අදහස හොඳයි නේද?

:       0       0

janatha anura Sunday, 23 April 2017 02:37 PM

මේ ප්‍රදේශය ඉතාම සුන්දර ස්ථානයක් මුතුරාජවෙල රක්ෂිතය කුරුල්ලන් ගැවසෙන මේක ඉතාම අනුවණ ක්‍රියාවක් මේ ඉඩම වත්මන් අයිතිකරු ගත්තේ කෝටි ගණනකට මෙය ආණ්ඩුවට බදු දීල ඇත්තේ මීට වඩා මුදලකට මේ ස්ථානය අසලම ජීවත්වන අයට වෙනත් ප්‍රදේශයකට යනවා හැර වෙනත් විකල්පයක් නැහැ .අපි දැනට ඉන්න රටේ විශාල ජනගහනයක් ඇති නමුත් කුණු කඳු නැහැ එදිනෙදා එකතුවන අපද්‍රව්‍ය ක්‍රමානුකුලව වලදමා වගාවන් කරනවා විශාල උද්‍යානයක් හැදුව අපි වැඩ කරන්නේ මෙම වයාපෘතිවල බැරි කොටස් විද්‍යානුකුලව දහනය කර ගැස් නිපදවනවා තාර නිපදවනවා විසඳුම එයම වෙනවා වසර ගණන් ගතකරන්නෙත් නැහැ දේශපාලකයන්ට මුදල් බෙදා ගන්නවා හැර ජනතා සිතුම් පැතුම් ගැන ඔවුන්ගේ අනාගතය ගැන හිතන්න බැරි වෙලා තියෙන්නේ ආණ්ඩුවේ අස්ථාවර බවය නිසා අදද හෙටද ප්‍රශ්නය නිසා ඉක්මනින් මුදල් හොයන්න ගිහින් අහිංසක දුප්පත් මිනිසුන් දරුවන් මිය ගියා

:       0       0

suresh Sunday, 23 April 2017 02:42 PM

රක්ෂිතය හොර ඔප්පු සාදාගෙන අයිති කරගෙන ආණ්ඩුවටම කෝටි ගණනට බදු දෙනවා කුණු කඳු ගහන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site