IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කුණු ලූනු කතාව යටගහන්න 50000ක් දෙන්න හදයි

කොළඹ වරායේ ඉවත දැමූ ලොකු ලූනු කන්ටේනරයක් ගලේවෙල මකුළු ගස් වැව ගබඩාවක තෝරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතා පොලිසිය කළ දැනුම්දීම අනුව පොලිස් ස්ථානාධිපති රුක්ෂාන් පෙරේරා මහතා මේ වැටලීම් කළේය.

එම පුවත පළ කිරීම වැළැක්වීම සඳහා ලංකාදීප එසැණ හා ලංකාදීප වාර්තාකරු කාංචන කුමාර ආරියදාසට රුපියල් පනස් දහසක අල්ලසක් දීමට එහි සිටි පුද්ගලයෙක් ඉදිරිපත් විය.

 



අදහස් (0)

කුණු ලූනු කතාව යටගහන්න 50000ක් දෙන්න හදයි

සුජිත් Sunday, 06 July 2014 11:25 AM

අයියෝ අපේ රටට ගිය කල! මිනිස්සු ව්‍යාපාර කරන්න හදන්නේ කූණු ළූණු, පුස් කෑ පරිප්පු, පුස් කෑ හාල්, එතනෝල්, කසල තේ, කසිප්පු, කුඩු, කල් ඉකුත් වූ බෙහෙත් වලින්. මුදල් තියෙන මිනිස්සු ඇයි රටේ නිෂ්පාදනය නංවන්න එම මුදල් යොදවන්නේ නැත්තේ. මෙහෙම රටක් දියුණු වෙයිද? (නි)

:       0       0

කැකිරාව- විමල් Sunday, 06 July 2014 11:37 AM

මේවා අහලා බලලා හිනාවෙලා, අදහසක් පළනොකර මඟහැරිම පාඨක අයිතිය කඩකිරීමකි (නි)

:       0       0

ඇනස්ලි Sunday, 06 July 2014 11:47 AM

පේනවා නේද? කුණු බඩු මිනිසුන්ට කවලා සල්ලි හොයලා. (නි)

:       0       0

මිගාර Sunday, 06 July 2014 12:21 PM

නියම වාර්තාකරුවෙක්. ඔබට ජය! (නි)

:       0       0

සමිර Sunday, 06 July 2014 12:28 PM

අල්ලස් එකට කියන්නයි වටින්නේ මේවා (නි)

:       0       0

ලංකා Sunday, 06 July 2014 12:35 PM

පගාවට යටනොවූ අවංක මාධ්‍යවේදී කාංචනට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

විමල් Sunday, 06 July 2014 12:58 PM

මේ පුද්ගලයින්ට දඩ ගහන්ඩ ඕනෑ. රේගුවෙන් ඉවතදාන බඩු කොහොමද එළියට ගියේ? මේ ගැන සොයාබලන්න (නි)

:       0       0

ලක්ෂපාන Sunday, 06 July 2014 09:42 PM

කොළඹ වාරයෙන් ඉවත දාපු එක ගලේවලට ගියේ කොහොමද . ඇතුලෙම වැඩක්. ඔය ලුණු ටික වරායේ ඉදන් ගලේවලට යනකම්ම පන්දාහේ ඒවා කීයක් නම් දෙන්න ඇත්ද? (නදී)

:       0       0

පිටිගල Sunday, 06 July 2014 01:46 PM

හරි ඉතින්, ඔය කන්ටේනර් එක කොළඹ සිට ගලේවෙලට ගෙනියන්න අවසර දුන්නේ කවුද? මේවා පිටුපස තව කවුරුහරි ඉන්නවා යනු මගේ අදහසයි. (නි)

:       0       0

චමින්ද Monday, 07 July 2014 02:13 AM

පනාගොඩ, ඒක හරි. ඇල්ලූ කුඩු වලට මොකද වුණේ කියලා කිසිම තොරතුරක් මම නම් දැක්කේ නැහැ. (නි)

:       0       0

ධම්ම Sunday, 06 July 2014 02:14 PM

මේ මාධ්‍යවේදියා රටට අවංක වූ නිසා කුණු ලූනු කතාව එළිදරවු වුණා කියමුකෝ. දැන් මේ කුණු ලූනු ගොඩට මොකද වෙන්නේ? (නි)

:       0       0

රොහාන් සෞදි Sunday, 06 July 2014 02:23 PM

අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ? (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 06 July 2014 02:33 PM

වරායේ සිට ගලේවෙලට කොහොමද මේවා ගියේ? ඇයි ඕක විනාශ කරන්න තැනක් තිබුනෙම නැද්ද ඔය කොළඹ අවට? මේකට නම් පසුවිපරමක් අත්‍යවශ්‍යයි. (නි)

:       0       0

සේන Sunday, 06 July 2014 02:36 PM

වරායෙන් ඉවත දැමූ කන්ටේනරය හොර ව්‍යාපාරිකයෙක්ට ලැබුනේ කොහොමද? මේ වගේ දේවල් විනාශ කරන්න ක්‍රමවේදයක් නැද්ද? කොහොම නමුත් අවංක පොලිස් නිලධාරින්ට අපේ ප්‍රණාමය. (නි)

:       0       0

අසෝකා Sunday, 06 July 2014 02:37 PM

මේවට මහා මොළකරුවන් කවුරුහරි සම්බන්ධ ඇති. නැත්නම් ඔහොම කරන්න බැහැනේ (නි)

:       0       0

භානු Sunday, 06 July 2014 03:09 PM

මේ ලූනු ටික අදාළ පුද්ගලයාට සහ ගෙදර උදවියට කැවිය යුතුය. අල්ලසට යට නොවූ කාංචන මහතාට අපේ ආචාරය ! (නි)

:       0       0

චාන්දනී Sunday, 06 July 2014 03:20 PM

කාංචන මහතාණෙනි, ඔබ මාධ්‍යවේදී රැකියාවෙන් උපයන සෑම සතයක්ම ඔබේ දෙමව්පියන්ට ඔබ ගැන ආඩම්බර විය හැකි කාරණාවක් බවයි මට කියන්න ඇත්තේ (නි)

:       0       0

ගාමිණී Sunday, 06 July 2014 03:37 PM

දේශපාලකයෙක් ගෑවී නැති මෙවන් සිදුවීමක් ලංකාවේ නැති තරම්.මේකටත් කවුරුහරි සම්බන්ධ ඇති (නි)

:       0       0

විජයබා Sunday, 06 July 2014 04:13 PM

සියල්ල මුදලට තීරණය වන සමාජයක මෙවැනි දේ සිදු නොවීමත් පුදුමයකි. ඒ වුණත් කාංචන කුමාර මුදලට යට නොවීම මාධ්‍යවේදීන්ට හොඳ පුර්වාදර්ශයක්. (නි)

:       0       0

කැලුම් Monday, 07 July 2014 08:41 AM

මාධ්‍යවේදී කාංචනට අපගේ උපහාරය! (නි)

:       0       0

පනාගොඩ Sunday, 06 July 2014 04:46 PM

ඕවත් වැඩද... මල්ලි ඕවත් වැඩද... ? ලූනු කන්ටේනර් මොනවද කුඩු කන්ටේනර් කතාව ගැන බලද්දී? ඒ කතාවට ඇත්තටම මොකද වුණේ හැබෑට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1550 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site