IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කුණු ගොඩෙන් ගොඩයන හැටි කියයි

බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කැළි කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රට පුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.

‘පිළිසරු‘ ව්‍යාපෘතියේ මූල්‍ය ආධාර මත පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ පිහිටුවා ඇති මෙම කොම්පෝස්ට් අංගන හොඳින් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී අවධානයට ලක්විය.

මෙම අංගන මාතර, මාවතගම, මහඔය, ඇල්පිටිය, හම්බන්තොට, ලුණුගම්වෙහෙර යන ප්‍රදේශවල දැනට ක්‍රියාත්මකවේ.

DCS-1542-(2) DCS-1542-(3)



අදහස් (0)

කුණු ගොඩෙන් ගොඩයන හැටි කියයි

ජය Tuesday, 11 August 2015 10:07 PM

මා දන්නා අාකාරයට නම් මේ වැඩේ ශරිරයට එ්තරම් හොද නෑ. මේ පොහොර භාවිතයෙන් පිලිකා අැතිවන බව යුරෝපා රටවල පෙන්වා දිලා තියෙනවා. එ් වාගේම තහනම් වැඩක්. එ් වාගේම කෙනෙකු මේ පොහොර භාවිතා කලහොත් දඩුවම් ලැබිය හැකි වරදක් (නදී)

:       0       0

විජේපාල Wednesday, 12 August 2015 01:27 AM

වැඩේ හොඳයි (නි)

:       0       0

හේවා සරත් Tuesday, 11 August 2015 12:41 PM

17 වෙනිදට මහජනතාව කියලාදෙයි කාට කාටත් ගොඩයන විදිය (නි)

:       0       0

රසික Tuesday, 11 August 2015 12:49 PM

ඔබ තුමා මේ රටට සම්පතක්. ඔබට ජය ශ්‍රී(නදී)

:       0       0

ජගත් Tuesday, 11 August 2015 12:52 PM

මෙන්න මෙහෙම තමයි වැඩ කෙරෙන්න ඕන. විද්වතුන් සමග සාකච්ඡා කරලා. නැතුව කුට්ටිය කීයද කියල බලල නෙමෙයි. (නදී)

:       0       0

වින්සන්ට් Tuesday, 11 August 2015 01:03 PM

දැනට පවතින දේශපාලන කුණු ගොඩෙන් කසළ ඉවත් කරගැනීමටත් ජනතාවට අත්‍යවශ්‍යව ඇත. දියුණු රටවල කැළි කසළ ප්‍රශ්නයට මුහුණ දෙන අකාරය ගැන අවබෝධයක් අපේ වගකිව යුත්තන්ට නොමැති බව හොඳින් පෙනියන කරුණකි. (නදී)

:       0       0

චමිලා Wednesday, 12 August 2015 03:27 AM

ගෝටාබය නැතිව බැහැ කොහොමත් (නදී)

:       0       0

සෙනරත් Tuesday, 11 August 2015 02:44 PM

කතාව නම් අහගෙන ඉන්න පුලුවන්. ඒත් වැඩකරන හැටි ගෝටාභය මහත්තයා විතර කව්රුවත් දන්නේ නැහැ (නදී)

:       0       0

යෝගනාදන් Tuesday, 11 August 2015 03:13 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

ඡන්න Tuesday, 11 August 2015 05:41 PM

කුණු ප්‍රශ්ණත් තියනවනේ විසඳන්න. ඕක නරකද පටන් ගත්තා නම් දියවන්නා වෙන්ම (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 11 August 2015 06:13 PM

කුණු ගොඩෙන් ගොඩ එන්න බලය ගන්න දීපු පොරොන්දු ප්‍රකාර නිර්පාක්ෂික වෙන්න. නැත්නම් ඔබ තුමාට වෙන්නේ කුණු වලක ගිලිලා මැරෙන්න. (නදී)

:       0       0

පී.එස් කෙටකනල Tuesday, 11 August 2015 06:16 PM

ගෝටාබය පත්කරන්න ඔය විසදුම්වලට (නදී)

:       0       0

නවීන් Tuesday, 11 August 2015 06:39 PM

ඉතා හොඳ වැඩක් මහත්වරුනි. හම්බන්තොට එක ටිකක් ඉක්මනින් පටන් ගන්න බලන්න. (නි)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 04:41 AM

ජීව වායුව උත්පාදනය වඩා හොඳ විසදුමවේ (ම)

:       0       0

මාලක Wednesday, 12 August 2015 04:44 AM

මෙතන අදහස් ප්‍රකාශ කරන සමහරුන්ගේ බුද්ධි මට්ටම ගැන දුක හිතෙනවා. රටේ කළමනාකරණය (කසලද ඇතුලත්ව) පිලිබඳව නීති රීති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, මහජනයා දැනුවත් කිරීම සහ ක්‍රමානුකූලව දියුණු කිරීම මුළු සමාජයේම සහබාගීත්වයෙන් පවත්වාගත යුතුයි. එය කෙටි, මධ්‍යම සහ දීර්ග කාලීනව අකණ්ඩව ක්‍රියාත්මක කරන ප්‍රායෝගික වැඩ පිළිවෙලක් මිස, යකඩ හස්තයක් මගින් බිය ගැන්වීමකින් කරන කෙටි කාලීන ක්‍රියාවලික් වුවහොත්, එයට පැවැත්මක් නොමැතිව කඩාකප්පල් වීම වැළැක්විය නොහැකියි. (නදී)

:       0       0

දේශාන් ප්‍රනාන්දු Tuesday, 11 August 2015 08:54 PM

රට බෙදන එක නවත්වන්න. කුණු ගැන හිතන්නේ නැතුව. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site