IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුණු කන්ද පුත්තලමට?

මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරීමට ඇති සැලසුම ගැන වාර්තාවක් ලබන හතර වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය කොළඹ මහ නගර සභාවට නියෝග කළාය.

කුණු කන්ද ඉවත් කරන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් වාහන ගමනා ගමනයට බාධා වන අයුරින් පාර හරස් කර විරෝධතා පැවැත්වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

නගර සභාව කීවේ කුණු කන්ද පුත්තලම පැත්තට ගෙන යෑමට සියලු කටයුතු යොදා ඇති නමුත් ඒ වන තෙක් ප්‍රදේශවාසීන් සාමකාමීව නොසිටින බවයි.

ප්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ කුණු කන්ද ඉවත් කරන බවට කාලයක් තිස්සේ නගර සභාව ප්‍රකාශ කළත් මේ වන තෙක් එය ක්‍රියාත්මක කර නැති බවයි.



අදහස් (0)

කුණු කන්ද පුත්තලමට?

දුමින්ද Monday, 25 May 2015 10:20 AM

කුණු කුණුවීමට පෙර සම්පතක් කර ගෙන ජීව වායුව නිපදවිය හැක (ම)

:       0       0

ඇසළ Monday, 25 May 2015 12:22 PM

නරකද ඕක පාර්ලිමේන්තුව පැත්තට ගෙනිච්චොත්? (නි)

:       0       0

තිලක් Monday, 25 May 2015 12:37 PM

පසුගියදා මම ඔය පාරේ යනකොට මේ මහා සම්පත දැක්ක. මේක ජරා කුණු කන්දක් කියල නොවෙයි සිතිය යුත්තේ. මටනම් මහා සම්පතක්. අවුරුදු ගානක් තාප විදුලි බලාගාරයක් දුවවන්න එයින් පුළුවන්. මම දැන් ඊට ආයෝජන සහකරුවෙක් හොයමින් ඉන්නේ. එක චීන ආයෝජකයෙක් හමුවුනා. ඔහු බිය පල කරනවා අලුත් රජය චීන ව්‍යාපෘති වලට කරදර කරයි කියල. (බ)

:       0       0

පෙරේරා Monday, 25 May 2015 02:34 PM

ලංකාවේම කුණු දාන්න හොද තැනක් තියනවා. හොඳම තැන කච්චතිව් දුපත. දුම්රිය සහ බෝට්ටු මාර්ගයෙන් සියලුම කුණු ප්‍රවාහනය කර හොඳ පොහොර නිෂ්පාදනයත්, අනවශ්‍ය දේවල් ගිනි උදුන් වලින් විනාශ කර දාන්නත් පුළුවන් (නි)

:       0       0

වීරප්පන් Monday, 25 May 2015 08:24 AM

නගර සභාව හතර බිහිරි කතානේ කියන්නේ.ප්‍රදේශවාසින් සාමකාමී නැහැ කියන්නේ කුණු කන්ද ගෙනියනවට අකමැතියි කියන එකද ?ඔය කුණු කන්ද පුත්තලමේ ජන ශුන්‍ය ප්‍රදේශයකට ගෙනියනවා නම් වැඩිය හොඳයි.නැත්නම් වෙන්නේ තවත් විරෝධතාවයක් ඇතිවීම පමණයි. (නි)

:       0       0

යහපාල Monday, 25 May 2015 09:00 AM

ඔය කුණු කන්ද,පසුගිය දවස්වල විනාශ කරපු විල්පත්තු වනයට ගිහිල්ල දැම්ම නම් හොඳ නැද්ද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site