
(අංජුල මහික වීරරත්න)
නාවින්න ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වල වත්මන් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා එහි ගියේය.
මීට පෙර කුණු කන්දක් ලෙස පැවැති මෙම භූමිය, ජනතාවගේ ක්‍රීඩා අවශ්‍යතා වලට ගැලපෙන පරිදි නවීන පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට වේගවත්ව සිදු කෙරෙමින් පවතින බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය කියයි.
නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කර දෙසැම්බර් මාසය වන විට ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවෙන් වෙන් කරගත් භූමිය මින් පෙර කසල දමා විනාශ වෙමින් පැවති භූමියක් වන අතර, කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබූ බව අමාත්‍යවරයා කීය.
ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් වූ පසු කිසිදු ගෙවීමකින් තොරව ප්‍රදේශවාසීන්ට ක්‍රීඩකයන්ට සහ තරුණ තරුණියන්ට නිදහසේ ක්‍රීඩා කටයුතු වල නිරත වීමට හා විවේකය ගත කිරීමට අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හදලා අවුරුදු ගාණක් වෙනවා. අලුත්වැඩියා කරන්න ඕන. බොරු කියන්න එපා..
බොහෝ පළාත්වල මේ වගේ වැල් වැඩිච්ච රජයේ ඉඩම් තියෙනවා ඔහේ නිකන් කැලෑවට වැවිලා. දැනට එම ඉඩම්වල තියෙන්නේ හොර කසිප්පු තිප්පොළවල් සහ කෙරෙන්නේ අනෙකුත් සමාජ විරෝධී දේවලුයි. අදාළ ප්‍රාදේශීය සභාවල නිදාගෙන ඉන්න සභාපතිවරු ඇහැරිලා මේවා ගැන හොයලා බලලා පළාතේ ජනතාවට අඩුම ගානේ ක්‍රීඩා පිටියක්වත් හදලා දෙන්න කටයුතු කරන්න ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගයත් අරගෙන.
බොරු කියන්න එපා . ඔතන කුණු කන්දක් තිබ්බේ 90 ගණන් වල අපි ඉස්කෝලේ යන කාලේ . අවුරුදු විස්සක විතර ඉදන් ඔතන තියෙන්නේ ග්‍රවුන්ඩ් එකක්. පූල් එකක් සහ බස් පාක් එකකුත් තියෙනවා
කොළඔ 14 මාදම්පිටිය පාරේ හේනමුල්ල සහ තොටලඟ,මාදම්පිටිය,සහ මහල් නිවාස සංකීර්ණ 06 ක පමණ ලක්ෂයකට ආසන්න ජනතාවක් සිටින ප්‍රදේශයක පෙර එල්.එස්. ගුණපාල සිල්වා ක්‍රීඩාංගනට කුණුකසළ බැහර කිරීම නිසා අද එම ක්‍රීඩාංගණය ජරාජරාවාස වී ඇත කොළඹ මහ නගර සභාවට කොතරම් දැනුම්වත් කලද එය ක්‍රියාත්මක වන අයුරු නොපෙනේ දහස් සංඛ්‍යාත තරුණ දරුවන් සහ කුඩා දරුවන් ක්‍රීඩා කල එම ක්‍රීඩාංගනයේ කුණු කන්ද ඉවත් කර ක්‍රීඩා කරන නිරෝගී මතින් තොර අනාගත පරපුරක් බිහි කරලීමට එම ක්‍රීඩාංගනය නවීකරණය කර දෙන මෙන් ක්‍රීඩා ඇමතිතුමා ඇතුළු වගකිවයුතු අංශයන්ගෙන් ඉල්ලා සිටිමි
ඔතන ground එකක් සහ parck එකක් තිබුනෙ.නිකන් බොරැ කියන්න එපා. කුනු කන්දක් තිබුනෙ දැනට අවුරැදු 15කට 20කට කලින්.වත්තෙ ගෙදර හන්දියෙ ඩේවිට් පීරිස් එක ඉස්සරහ.