IMG-LOGO

කණුවට බර වූ දුම්රිය

(ඩයනා උදයංගනී සහ කේ බුද්ධික කුමාරසිරි)

අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා උදෑසන 5.25 ට  ගමන් ඇරඹූ අංක 9649 දරණ දුම්රිය කොස්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක්ව ඇත.

ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

දුම්රිය පීලි පැනීම නිසාවෙන් මගීන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.

පීලි පනින ලද දුම්රිය එන්ජිම පීලි ගත කිරීම සහ දුම්රිය මාර්ගය අළුත්වැඩියා කිරීම දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර තිබුණි 

(ඡායාරූප: කේ බුද්ධික කුමාරසිරි)



අදහස් (11)

කණුවට බර වූ දුම්රිය

pakeer Wednesday, 18 January 2023 11:03 AM

දැන් එතකොට මේ පීලි පනින මේන්ටේන් නොකරන පීල්ලෙද සුද්දෝ යවලා ගානක් කඩා ගන්න හදන්නේ .බොරු පෙන්නලා

:       1       37

samWednesday, 18 January 2023 11:40 AM

හොඳ වෙලාවට මේක කොස්ගම හරියේ වෙලා තියෙන්නේ. එහෙම නොවුනා නම් බන්දුල ගුණවර්ධනගේ ඔඩිසි සංචාරක දුම්රියට බාධා වෙලා ලක්ෂ ගානක පාඩුවක් වෙනවා.

:       0       2

මැක්ස්Wednesday, 18 January 2023 11:51 AM

තමුන් වගේ මිස්ටර් නෙගටිව්ලා එක්ක මේ රට මේ තරමින් වත් තියෙනවා ඇති!

:       2       0

janahithaWednesday, 18 January 2023 12:46 PM

හොඳට බලන්න... සිල්පර කොටන් සහ කොන්ක්‍රීට් කොටන් සම්බන්ධ වෙන තැන හරියට හදලා නැහැ. අරක්කු ගුදම් ගණන් බීගෙන ඉන්න සේවකයින්ට වරදිනවා.. පීලි පනිනවා බ්රේක් නැතිව යනවා. රියදුරන් නැතිවත් යනවා... ඔවුන් ඒක පස්සේ දුවනවා.

:       0       17

Sunil Wednesday, 18 January 2023 11:34 AM

සවි කර තිබෙන කණුවට පිං අයිති වෙන්න ඔය තරමින් බේරුනාට.

:       0       21

CGR apiWednesday, 18 January 2023 12:50 PM

අපි කණු හයිකරලා තියෙන්නේ ඕකට තමයි... එදා පොඩ්ඩක් වැඩිවුණා. වරද ස්කාගාර සංස්ථාවේ එතැන මුරිච්චි තදවෙලා නැහැ අපි අතින්... රෝදයේ මුරිච්චිය උචින් ගිය කෝච්චිය පෙරළුණු අපි මක්කැයි කරන්නේ... ? ඕකයි තත්වේ...

:       0       16

janahitha Wednesday, 18 January 2023 12:42 PM

පීලි පැන්නාම ඇවිත් හදන්න... වළක්වන්න පරීක්ෂාවක් නැහැ... රේල් ගේට්ටුවේ විදුලි ලාම්පු දරුවෙක් සහ කාන්තාවන් දෙන්නෙක් මැරුණාට පස්සේ ඇවිත් හැදුව ගම්පහ ඔහොම තමයි....

:       0       13

Hafeel Wednesday, 18 January 2023 01:42 PM

දුම්රිය සේවය ඉතා භයානක අන්දමට බිඳ වැටිලා. මේ කාලේ පීලි පැනීමට ලක්වීම් වැඩි. සතියට පීලි පැනීම් තුනක් හෝ වාර්තාවනවා. සේවකයෝ ළඟදී පැවසුවේ අමතර කොටස් හිඟයි කියලා. ඩොලර් නොමැති එක මේකට බලපානවා කියලා. මෙහෙම රටක් කරන්න පුළුවන්ද? වර්තමාන ජනාධිපති සහ ආණ්ඩුව බලයේ හිටියට වැඩක් වෙන්නේ නැහැ.

:       0       17

sampath Wednesday, 18 January 2023 07:54 PM

කෝච්චියක් පීලි පැනීම සාමාන්‍ය දෙයක්... නමුත් නඩත්තු කටයුතු සම්බන්ධව තරමක් වැඩි අවධානයක් යොමුකිරීම කළ යුතුයි.

:       1       1

සෙනෙවිරත්න Wednesday, 18 January 2023 09:22 PM

අහෝ වසර හැත්තෑ පහක ප්‍රගතිය...

:       0       0

ganegoda Thursday, 19 January 2023 12:49 PM

නඩත්තුවට තිබුන මුදල් මාටිය ගහලා .. කාලකන්නි රාජපක්ශකයො ඉදිරියෙම ඔක්කොම ගරා වැටෙනව .

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 22 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site