IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුඩු සමග ඇල්ලූ තාරකගේ අනියම්බිරිය නිදොස් කොට නිදහස්

(මනෝ ප්‍රිය ගුණසේකර)

හෙරොයින් කිලෝ පහකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි  සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ සහ සගයකු කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ පහ නිදොස් කොට නිදහස් කළේය.

මීට වසර හතරකට පෙර රාජගිරිය ඔබේසෙකරපුර ප්‍රදේශයේදී පෙරොයින් කිලෝ 13කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලෙන් කීවත් පැමිණිල්ලේ සාක්කි සලකා බැලීමේදී එවැනි වැටලීමක් සිදුවූවාද යන්න සැක සහිත බව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් විනිසුරුවරයා නිකුත් කළ නියෝගයේ සඳහන් කර ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල  සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි සඳහන් කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ බව කියන නිලංකා රසානි සහ ඇගේ සහායකයකු බව කියන මොහොමොඩ් සෆීර් නමැත්තෙකි.

2019 නොවැම්බර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසෙකරපුර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් පහක් ළඟ තබා ගැනීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නායක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දුන් අතර රජයේ රස පරීක්ෂකවරයා විසින් එහි ශුද්ධ හෙරොයින් කිලෝ ග්‍රෑම් පහක් ඇති බව තහවුරු කර තිබිණි.

දීර්ඝ නඩු විභාගය අවසානයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දක්ෂ පලපුරුදු නිලධාරීන් වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීමට අදාළව දුන් සාක්කි විශ්ලේෂණය කිරීමේදී මෙවැනි වැටලීමක් වූවාද යන්න පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි සඳහන් කළේය.

කුඩු ජාවාරම්කරුවෙකුගේ අනියම් බිරිඳක් විසින් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කාන්තා පොලිස් නිලධාරිනියක් කැඳවාගෙන නොයාම ගැටලු සහගත බව තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි ද සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

 



අදහස් (16)

කුඩු සමග ඇල්ලූ තාරකගේ අනියම්බිරිය නිදොස් කොට නිදහස්

sam Friday, 05 January 2024 04:48 PM

මේ තමයි (ඕවර්) ඇක්ටිං අයි ජී ගේ "යුක්තිය" ට ඉදිරි කාලයේදී අත්වෙන ඉරණම.

:       13       81

මියැසිFriday, 05 January 2024 07:06 PM

කුඩ්ඩෝ අල්ලනවාට අකැමැති සෑම් අන්කල් වගේ අයත් ඉන්නවා නේද?

:       0       1

රංබොඩ Friday, 05 January 2024 05:18 PM

පොලීසිය කොතරම් වෙහෙස වුවත් රට නීතිගරුක කළ නොහැක්කේ උසාවි නිසා වග පැහැදිලියි...

:       0       0

Nimal Friday, 05 January 2024 06:25 PM

කැකිල්ලේ නඩු තීන්දුවක්... ශුවර් එකට ගාණක් දීලා ඇති... එහෙම දුන්නේ නෑ කියලා සාධාරණ සැකයක් නැතිව ඔප්පු කරන්න පුළුවන්ද?

:       0       0

Adrian Ferth Friday, 05 January 2024 07:47 PM

කවුද බොල මේ බවලතීට පෙනී සිටි නීතිඥයා ? අර කලින් කෝටි තුන්සීයේ කුඩු නඩුවෙන් ලැබුනු කෝටි සිය ගනනක සන්තෝෂම් මුදලින් " හිසට සෙවන" දෙන ජාතියක් නිපදවන කර්මාන්ත ශාලාවක් මිලදී ගත්තු කෙනාම ද ?

:       0       0

Nandana Friday, 05 January 2024 08:11 PM

වැටලීමට යනකොට ගැහැණු පොලිස් යන්නම ඕනද ?බර කුට්ටියක් ලැබිලා වගේ

:       0       0

මහ රජාණෝ Friday, 05 January 2024 08:15 PM

නඩුව පැවරීමෙන් පසු පොලිසිය ජරාව කාලා

:       0       0

Siri Friday, 05 January 2024 09:02 PM

අල්ලන කුඩු උසාවියට ඉදිරිපත් කරන කොට පාන්පිටි බවට පත්වෙනවා කියන කතාවෙත් ඇත්තක් තියෙන්න බැරි නැහැ.

:       0       0

A.A.S.Lankara Friday, 05 January 2024 09:02 PM

අල්ලපු උනුත් මරු තීන්දුවත් මරේ මාරු .රටක නීතිය බල්ලට

:       0       0

Lalla Friday, 05 January 2024 09:39 PM

මත්ද්‍රව්‍ය නාශක අංශය අල්ලපු බඩු අතුරුදන් කලා වෙන්න බැරිද.?. නැතිනම් ඇත්තටම බොරු ප්‍රසිද්ධිය දීල කාව්‍ය හරි ලොක්කෙක් පුම්බන්න කල ජඩ වෑයමක්.....

:       0       0

පැරකුම් Friday, 05 January 2024 10:30 PM

ඇක්ටින් කෑල්ල හැලෙනකල් ඔහොම යාවි. එදාට ඔය රගපෑම් ඔක්කොම ඉවරයි. නඩුත් ඉවරයි.

:       0       0

Jagath Friday, 05 January 2024 11:26 PM

පව් අර පොලිසියෙ කොල්ලො..නීතිඥයන්ගෙ ගැට ..කුඩ්ඩො නිදහස්..

:       0       0

Sharm Saturday, 06 January 2024 09:42 AM

අම්මපල්ලා පුතේ????

:       0       0

පැරකුම් Saturday, 06 January 2024 02:26 PM

ඇක්ටිං කෑල්ල හැලෙනකල් ඔහොම යයි. ඊට පස්සෙ රගපෑම් ඔක්කොම ඉවරයි.

:       0       0

පැරකුම් Saturday, 06 January 2024 02:34 PM

මුදලට කල නොහැකි දෙයක් නැති බව පේනව නේද. ඉදිරියේදි අධිකරණයත් මුදලට ගත්තොත් පුදුම වෙන්න එපා…!

:       0       0

Samy Sunday, 07 January 2024 03:28 AM

බයවෙලා වගේ...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site