IMG-LOGO

කුඩු සමග අයියා මලෝ අත්අඩංගුවට

හෙරොයින් මත්කුඩු පානය කරමින් සහ පැකට් කරමින් සිටි බව කියන සහෝදරයින් දෙදෙනකු පානදුර වලපොළ මිහිඳු මාවතේ කුලියට ගත් නිවසක සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන් සිටි නිවස අද (27) වැටලූ පානදුර පොලිසිය එහි තිබූ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා හෙරොයින් පැකට් 90ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සහෝදරයින් අඟහරුවාදා (28) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

DSC05327 vlcsnap-2016-06-27-18h35m23s230 vlcsnap-2016-06-27-18h37m21s128



අදහස් (0)

කුඩු සමග අයියා මලෝ අත්අඩංගුවට

ප්‍රසාද් Monday, 27 June 2016 04:54 PM

රටට කුඩු ගෙන්වන අයගේ ජාවාරම් නවත්වන්නේ නැතුව බොන අයව අල්ලලා කරන තාවකාලික පැලැස්තර (නි)

:       0       0

උපාලි Monday, 27 June 2016 04:51 PM

වැඩක් නැහැ රාළහාමි. ඔය ඉන්නේ පහළම තලයේ අය. මෙතෙක් අපි දැක්ක හැටියට ඔතනින් ඔය කතාව ඉවරයි. ඔය දෙන්නා ඔස්සේ මුල දක්වා යන්න බොහොම අමාරු බව අපි දන්නවා (නි)

:       0       0

ගුණේ Monday, 27 June 2016 05:28 PM

ශරීර කූඩුවේ හැඩය දැක්කම කිවහැකියි හොඳටම කුඩුවෙලා කියාලා. එහෙත් මේ ජාතික සම්පතක් විනාශ වෙන්නේ සහ කරන්නේ (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 28 June 2016 08:40 AM

මරණ දඬුවම අඩුම ගණනේ අවුරුද්දක්වත් ක්‍රියාත්මක කළොත් විශාල වෙනසක් ඇතිවේවි. එළියෙදීත් කුඩු බිස්නස්, අැතුළෙදීත් ඒකමයි. ඉතින් නියම දඬුවමක් අත්‍යාවශ්‍යයි. (නි)

:       0       0

වසන්ජය Monday, 27 June 2016 07:37 PM

කුඩු අත තිබුන අය අල්ලා උසාවි දැම්මාට ලංකාවෙන් කුඩු උවදුර මැඩලිය හැකිද? ඇයි පොලිසිය ඉන් එහාට ක්‍රියා නොකරන්නේ? ඔය කුඩු පැකට් කරපු අයට ඒවා ලැබුනේ කාගෙන්ද ආදී වශයෙන් දිගටම සොයාබැලුවොත් මුල සොයාගත හැකියි. නමුත් එසේ නොකරන්නේ ඇයි? (නි)

:       0       0

විජේ Tuesday, 28 June 2016 09:11 AM

මොන අපරාධයක්ද? ලොකු කාක්කෝ තවම හරියටම අහුවෙලා නැහැ. ලොකු කාක්කෝ තමා ලොකු ගෙවල් වල හා ලොකු කාර්වල යන්නේ. (නි)

:       0       0

පරාක්‍රම Tuesday, 28 June 2016 09:37 AM

ඕක නවත්වන්න ලොක්කෝ අල්ලන ඕන, ඒ කට්ටිය දන්නේ කවද ? (ර)

:       0       0

නිලුපුල් Tuesday, 28 June 2016 05:39 AM

රටට වැඩදායක වටිනා තරුණ ජීවිත විනාශකරන ජාවාරම්කරුවන්ට රැකවරණ සළසන දේශපාලකයනි, නුඹලා සඳහාම වෙන්වූ වෙනම නිරයක් තිබෙනු ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site