(සුමිත් පොතුපිටිය)
මාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවළක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී ඉමාෂා කරුණාතිලක නැමති 23 හැවිරිදි තරුණියක බව සදහන් වේ.
දෙදෙනා ඊයේ (23) රාත්‍රි කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා
මාළු මිළදී ගනිමින් සිට ඇති අතර , කළුතර දෙස සිට මතුගම දෙසට පැමිණි ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇත.
බරපතළ තුවාල ලබා සිටී දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, තරුණිය මියගොස් ඇති බවත් , තරුණයා බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු කීය.
තරුණ යුවළ මෑතකදී විවාහවීමට බලාපොරොත්තු සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ,කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කූඩු වෙන්න සිටි යුවළක් ලොරියට යටවේ