IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කුඩු වැට බඳින්න පොලීසිය පිටපට ගහයි

 නව රජයේ දින සීයයේ  වැඩසටහන යටතේ මත් දුව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා දිස්ත්‍රික්ක  පොලිස් කොට්ඨාස හා පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ වැටලීම් ඒකක පිහිටුවා ඇති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.

පොලිස්පති නියමය පරිදි සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ එක් කණ්ඩායමකුත් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  හා පොලිස් අධිකාරී යටතේ එක් කණ්ඩායමකුත් හා පොලිස් ස්ථාන මට්ටමින් එක් කණ්ඩායමකුත් පත් කර ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.



අදහස් (0)

කුඩු වැට බඳින්න පොලීසිය පිටපට ගහයි

දුසාරා Tuesday, 24 February 2015 02:31 PM

ලොකුලොක්කෝ අල්ලන්නේ නැද්ද. (අ)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 02:41 PM

තවත් එක සොදුරු සිහිනයක් නොවේවා. දෙවි පිහිට වේවා (අ)

:       0       0

අශෝක Tuesday, 24 February 2015 10:51 PM

පාර්ලිමේන්තුවෙන්ම පටන්ගත්තොත් නරකද? (නි)

:       0       0

එරංග Wednesday, 25 February 2015 12:57 AM

හරි පුදුමයි. සමහර මේ මිනිසුන්ට මොනවා කළත් වැඩක් නැති පාටයි.හැමදේටම මොනවාහරි කියන්නම ඕනෑ.මේක නිකන් දැන් ඒ අයට මෝස්තරයක් වෙලා.කියන්නේ මොනවද කියලාවත් දන්නෙ නැහැ.කරන හැම හොඳ වැඩකටම මොනවාහරි කියනවා. අරුමයක් නෙමෙයි, මේක ලංකාවනේ (නි)

:       0       0

රෝයි Wednesday, 25 February 2015 02:02 AM

එරංග, ලංකාවේ ජනතාවට අලුතින් පත්කරන ඒකක, කොමිසන් සහ සටන්පාඨ ගැන කළකිරීමක් තිබෙනවා. මේවායේ සැබෑ අරමුණ මේ දක්වා ක්‍රියාවට නැංවීමට බලයේ සිටි සහ ඉන්න ආණ්ඩු අපොහොසත්වී තිබෙනවා.මුලින්ම රජය ජනතා විශ්වාසය ඇතිකරගත යුතුයි. එවිට ජනතාවගෙන් යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු වියහැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site