හෙරොයින් ග්‍රෑම් 700ක් ළඟ තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටිය දී පසුගිය වසරේ දෙසැම්බර 27 වැනි දා වැලිසර ළය රෝහලේ දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගිය හවුපෙලියනගේ සමන් නොහොත් දෙමටගොඩ රාජා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අද ගොතටුව නින්දහේනේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු රජාගේ පිම්ම වරදී
ඉසුරන්දි Wednesday, 03 September 2014 04:19 AM
දිලාන් පිස්සෙක් වගේනේ අදහස් දාලා තියෙන්නේ.හරියට කුඩු ගහලා වගේ. (නි)
ලලිත් Tuesday, 02 September 2014 11:17 AM
ඇප මත මුදාහරින්නේ නැතුව හිටියොත් නම් හොඳයි (නි)
සේනක ද සොයිසා සිරිවර්ධන Tuesday, 02 September 2014 11:33 AM
බයවෙන්න කිසි කාරණයක් නැහැ. බලන්නකෝ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා (නි)
සිල්වා Tuesday, 02 September 2014 11:49 AM
කුඩු රජාට කුඩු ලැබෙන්නේ මොන රජෙක්ගෙන්ද කියලා සොයාබලන්න හොඳ අවස්ථාවක් (නි)
ඉසුරන්දි Tuesday, 02 September 2014 12:04 PM
මේවා නිකන් වසංගත ලෙඩ ගානයි.කාලෙන් කාලෙට ඔලුව උස්සනවා.නිට්ටාවට සුවවෙන බෙහෙතක් හොයාගත් දාට ඔක්කොම වසංගත ලෙඩ දුරුවෙලා යාවි. (නි)
දිලාන් Wednesday, 03 September 2014 01:50 PM
ඉසුරන්දි -ඔයා වාරියපොළ නෙවේ නේද ගෙවල්? (අ)
පිටබැද්දර ජයා Tuesday, 02 September 2014 12:37 PM
අද ලංකාවේ ඕනෑම ප්‍රධාන නගරයකින් පැනඩෝල් පෙත්තක් හොයාගන්නවට වඩා ඉක්මනට කුඩු මිලදී ගන්න පුළුවන්. (නි)
දයා අළහකෝන් Tuesday, 02 September 2014 12:51 PM
ඉසුරන්දි, මේවා කිසිකලක නිට්ටාවටම සුවවෙයි කියලා හිතන්න එපා (නි)
ඇන්ඩෘ Tuesday, 02 September 2014 01:16 PM
ග්‍රෑම් 700 ට කුඩු රජා නම්, කන්ටේනර්, බැරල් ගණන් ගෙනෙන අයට දෙන නම්බු නාමය කුමක්ද? (නි)
දිමුතු Tuesday, 02 September 2014 01:41 PM
කුඩු පොඩ්ඩාගේ රජාවයි අල්ලන්න ඕනෑ. (නි)
මහේෂ් Tuesday, 02 September 2014 01:53 PM
කුඩු ලොක්කෝ ටික ඔක්කොම තවමත් ලංකාවේ ඇති (නි)
කැළුම් Tuesday, 02 September 2014 02:05 PM
මම දන්නා විදියට මෙපමණ ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගතහොත් මරණ දඬුවම වුවත් නියම කරන්න පුලුවන් (නි)
දිලාන් Tuesday, 02 September 2014 02:45 PM
ඉසුරන්දි,කවදාද දන්නෙ නැහැ නේද ඔයා ඔය කියන බෙහෙත හොයාගන්නෙ? නිකන් මෝඩ කතා කියන්න එපා (නි)
කැළුම් Tuesday, 02 September 2014 04:35 PM
ලලිත් පිස්සු කතා කරනවාද? (නි)
රුමේශ් Wednesday, 03 September 2014 06:49 PM
කුඩුකරුවන්ට අනිවාර්යයෙන්ම මරණ දඩුවම දියයුතුයි (නි)
උපාලි Wednesday, 03 September 2014 12:02 AM
අතරින් පතර බඩු බෙදාහරින කට්ටිය අහුවෙනවා තමයි. නමුත් කට්ටියට බඩු ගෙන්වා දෙන මහමොළ අහුවෙන්නේ නම් නැහැ. මිටි තැනින් වතුර බැහැලා යනවා. (නි)
අප්පුහාමි Wednesday, 03 September 2014 12:15 AM
ඔක්කොම වගේ කුඩු රජුන්ට හදවතේ ලෙඩ තියනවා. ඕවා ඔක්කොම ලස්සනට සැළසුම් කළ දේවල් වෙන්න පුලුවන් (නි)