IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක්

(ගයාන් සූරියආරච්චි)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා මේ වනවිට විදේශගතව සිටින අතර අමාත්‍යවරයා සහ ඇතැම් නීතීඥයන් අතර බරපතළ ගැටුම් ඉකුත් මාස කීපය තුළ නිර්මාණය වෙමින් පැවැති බවත් එම නිලධාරියා කීය.

බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉකුත් දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහනකදී පැවැසීම හේතුවෙන් නීතීඥයන් සහ අමාත්‍යවරයා අතර ගැටුම් හටගෙන තිබූ බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

ටිරාන් අලස් අමාත්‍යවරයාට කුමන මරණ තර්ජනය පැමිණියත් පාතාලය හා කුඩු තුරන් කිරීමට කැපවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.



අදහස් (5)

කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක්

Prabha Monday, 29 April 2024 03:41 PM

කුඩු මුදලාලිලාගෙන් වැඩිපුරක් යැපෙන්නේ පොලිසියේ කියලා මෙයා තාම දන්නේ නෑ වගේ

:       14       39

අමල් Monday, 29 April 2024 04:15 PM

ඩීල්දාසගේ පුතා තිළිණි ප්‍රියමාලිගේ නඩුවට පෙනිසිටින්න මිලියන කීයක් ගත්තාද? පුළුවන් නම් කියන්න. ඔට්ටුයි බැරුවාට...!

:       3       25

Bunny Preena Monday, 29 April 2024 04:46 PM

සිදු වූ යම් වරදක් හිතාමතාම වසන් කිරීම නීතියේ හැටියට වරදක් නම් කොහොමද විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින පෙරකදොරුවන්ට පමණක් එම දඬුවම ලබා දෙන්නේ නැත්තේ .ඔවුන් හැමදේකටම ඔබ්ජෙක්ෂන් මයි ලෝඩ් කියන කට්ටියනේ

:       2       27

Perera Tuesday, 30 April 2024 12:42 AM

ඔය ගමන්ම වාහන බලපත්‍ර ඉල්ලන මන්ත්රීලාගේ නම් 150 ත් ප්‍රසිද්ධ කරන්න

:       0       1

Kasun Tuesday, 30 April 2024 10:35 AM

කිසිම විටක තමන්ගේ ආදායම කියන්නේ නැති මිනිස්සු .කාටවත් හොයාගන්න පුළුවන් වෙන නීති හදන්නේ නැති මිනිස්සු .අපේ ආදායම නම් සතයට ගැනලා ටැක්ස් ගන්නවා .නීති විශාරදයන් ගෙවපු ටැක්ස් ගැන කිව්වා නම් අපිටත් දැන ගන්න ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site