IMG-LOGO

කුඩු පට්ටම් කිරීම සඳහා TV දෙනු ලැබේ

2016-07-07-ent-42පසුගිය දවස්වල ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරැන් හා කලා අධ්‍යක්ෂකවරැන් මුණගැසීමට අපූරැ පුද්ගලයෙක් ඇවිත් තියෙනවලු.

"මහත්තයෝ, අපි දැකලා තියෙනවා ඕගොල්ලන්ගෙ සමහර නිර්මාණවල වියදම් අඩු කරන්න ගිහිං ඔයාලම පාඩු කරගන්නවා. මොකද ඕගොල්ලන්ගෙ නිර්මාණ බලන්නෙ මේ රටේ බුද්ධිමත් ප්‍රේක්ෂකයො. ඕගොල්ලො බොරැවක් කළාම ඒගොල්ලන්ට තේරෙනවා,* කියලා ඒ පුද්ගලයා කියනවලු.

"මොකක්ද අපි කරන බොරැව?"

"සර්, මෙහෙමනෙ. දැන් හිතමුකො කතාවක තාත්තා හවස ගෙදර එනකොට පවුලෙ කට්ටිය ගෙදර හැම වැඩක්ම අතපසු කරලා ටීවී එක විතරක් බල බලා ඉන්නවා."

"ඉතිං?"

"දැන් ඒ වගේ සීන් එකක් තාත්වික වෙන්න නම් තාත්තට මළ පැනලා ටීවී එක උස්සලා පොළොවෙ ගහන්න එපායැ. ඒත් අපේ කතාවල එහෙම වෙන්නෙ නෑ, මොකද ටීවී එකක් කුඩුපට්ටම් කරන්න ගියොත් වියදම වැඩියිනෙ..." ඔහු කියනවලු.

"ඉතිං අපි මොනවද කරන්න ඕනෙ...?" අධ්‍යක්ෂකවරයා අහනවා.

"මෙහෙමයි සර්, මා ගාව තියෙනවා වැඩ කරන්නෙ නැති අලුත්ම මාදිලියෙ ටීවී, වොෂිං මැෂිං, ෆ්‍රිජ් වුණත් තියෙනවා. ඕගොල්ලන්ගෙ නිර්මාණවලට ඒවා කුඩුපට්ටම් කරන සීන්වලට බොහොම සාධාරණ ගාණකට දෙන්න පුළුවන්..."

"තමුසෙට කොහෙන්ද ඔය තරම් ටීවී, වොෂිං මැෂිං එහෙම... ?"

"ඇයි සර්, පසුගිය දවස්වල කොළඹ අවට ගංවතුරට යටවුණු ගෙවල්වල බඩු කොච්චර නම් අයින් කළාද? ඕවා ඉතිං ගඟේ, ඇළේ පා කරලා යවනවට වඩා හොඳයිනෙ එක තැනක රුස් කරලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ඒ වගේ ගංවතුරට අහුවුණු බඩු මම එකතු කළා. දැන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නයි හදන්නෙ. අපිත් ජීවත් වෙන්න එපැයි මහත්තයො..."

 

DESHAYA



අදහස් (0)

කුඩු පට්ටම් කිරීම සඳහා TV දෙනු ලැබේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site