IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කුඩු නඩුවට පහක් පෝරකයට

(මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින් ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝග්රෑම් 152ක් ටෝලර් යාත්‍රාවකින් ලංකාවට රැගෙනන එමින් සිටියදී නාවික හමුදාව මහ මුහුදේදී අල්ලා ගත් ධීවරයන් පස්දෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා  මරණීය දණ්ඩනය නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ක්‍රියාවෙන් සමාජයට සිදුවී ඇති ඛේදජනක තත්වය සැළකිල්ලට ගන්නා බවද විත්තිකරුවන්ට දඬුවම් පමුණුවමින් සඳහන් කළේය.

හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඔස්වල් පෙරේරා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මාතර දික්වැල්ල හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන චමින්ද රෝෂාන් ප්‍රනාන්දු” ඇන්ටන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු” දුලාජ් රවීන්ද්‍ර පෙරේරා” සුරංග බලඤ්ඤ සහ තරිඳු ජයමාල් ප්‍රනාන්ද නමැති ධිවරයින් පස්දෙනාටය.

2019 නොවැම්බර් මස 02 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකාවට ආසන්න මෙන්ම ශ්‍රී ලංකාවට අනන්‍යය මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග්රූම් 152.34 ක් ලඟ තබා ගැනීම” ජාවාරම් කිරීම සහ කුමන්ත්‍රණය කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණි.

 



අදහස් (3)

කුඩු නඩුවට පහක් පෝරකයට

Mohan Wednesday, 27 September 2023 07:49 PM

කෝ ඉතින් පෝරකේ .බොරු වැඩනේ

:       0       0

fairoos Wednesday, 27 September 2023 07:57 PM

ඉතාමත් හොඳ තීන්දුවක් .ක්‍රියාත්මක උනොත් හොඳයි

:       0       3

පැරකුම් Wednesday, 27 September 2023 10:48 PM

යහපත් ප්‍රවනතාවයක් මෙහම ගියොත් කුඩු උවදුර පාලනය කරගන්න පුලුවනි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site