IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුඩු ජාවාරම්කරුවන්ගෙන් කප්පම් කාලා

යුද හමුදාව හැර ගිය පුද්ගලයකු ද හමුදා භටයන් තිදෙනකු ද තවත් අයකු ද සමග පොලිස් වෙසින් ගොස්, හොරෝයින් මත්කුඩු විකුණන්නකුගෙන් කප්පම් ගනිද්දී අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය කියයි. කුඩු විකුණන්නකුගෙන්   රුපියල් ලක්ෂ පහක කප්පමක් ගන්නා බවත් මුදල් නොමැති නම් රන්මාල, අත්පළඳනා, මුදු ආදිය ද ගන්නා බවත් පොලිසිය කියයි. සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති පී.ජී.එස්.ආර් සංජීව මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කළේය.



අදහස් (0)

කුඩු ජාවාරම්කරුවන්ගෙන් කප්පම් කාලා

කරීම් Sunday, 21 July 2013 07:46 AM

දීපාල් ඔබ හරි, සපුගස්කන්ද කැළණියට ලගයි. සමහරවිට දේශපාලන බලපෑමක් ආවද දන්නේ නැහැ.(නදී)

:       0       0

ලහිරු Saturday, 20 July 2013 06:41 PM

කුඩු කාරයෝනේ අල්ලන්න තිබ්බේ. (අ)

:       0       0

නාරද Sunday, 21 July 2013 08:25 AM

සපුගස්කන්ද කොලොන්නාවටත් හොදටම ළගයි.(නදී)

:       0       0

සුනෙත් Saturday, 20 July 2013 06:44 PM

එතකොට කුඩු විකුනපු කෙනා අල්ලලා නැහැ වගේ...(අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 20 July 2013 06:54 PM

හොරුන්ගෙත් හොරු කම්බා හොරුනේ ! (අ)

:       0       0

නාරද Saturday, 20 July 2013 07:18 PM

එතකොට කුඩු කරයා පොලිසියට පැමිණිලි කරල ද අපි කුඩු විකුණලා හොයන සල්ලි කප්පම් ගන්නවා කියල (අ)

:       0       0

මිනිපෙ Saturday, 20 July 2013 09:26 PM

එතොකට මේ පොලිසියට කෝල් කරලා තියෙන්න කුඩු කාරයෝද? (දී)

:       0       0

පාලිත Saturday, 20 July 2013 10:28 PM

එතකොට කුඩු කරයා පොලිසියට පැමිණිලි කරල ද අපි කුඩු විකුණලා හොයන සල්ලි කප්පම් ගන්නවා කියල? (දී)

:       0       0

බන්දුල-කටාර් Sunday, 21 July 2013 02:00 AM

වැඩේ වැරදි උනත් සල්ලි අරගෙන තියෙන්නේ අපරාද කරයින්ගේන්නේ. එක අතකින් එයාලා කරලා තියෙන්නේ හොද වැඩක්. පොලිසියේ අයගේ සාක්කුවට යන්න තිබුන සල්ලිනේ මෙයාලා අරගෙන තියෙන්නේ. ඒ තරහ පිරිමහගන්නත් එක්ක කුඩු කාරයාගේ පැමිණිල්ලට වෙන්න ඇති මේ අයව අත්අඩංගුවට අරගන්න ඇත්තේ. එතකොට දැන් මෙයාලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද.? (නදී)

:       0       0

හේරත් Sunday, 21 July 2013 03:52 AM

ලංකාදීපේ හින්දා අපි කුඩේ කුඩු. දුන්කුඩ්ඩා තියා දන්කුඩ්ඩාවත් බේරා ගන්න බැහැ නේද පැටියෝ.(නදී)

:       0       0

ඉෂාන් Sunday, 21 July 2013 04:44 AM

පොලිසියට නවත්වන්න බැරි කුඩු ව්‍යාපාරය හොර පොලිසිය නිසා නැවතිලා. ඉතින් ඒකනේ වෙන්න ඕනෙත්.(නදී)

:       0       0

උපාලි Sunday, 21 July 2013 04:56 AM

මේ සිද්ධියෙන් එළිවෙන භයානක යථාර්තයක් තියෙනවා. හමුදාවෙන් පැනගිය පුද්ගලයන් මහා සමාජ ව්‍යසනයක් බව. හැම අපරාධයකම පිටුපස ඔවුන් ඉන්නවා. ඔවුන්ට හොඳ අවි පරිහරණ පුහුණුවකුත් තියෙනවා. බොහෝවිට ඒ කාලේ පන්නගත්තු ආයුධත් තියෙනවා. දුෂිත පොලිස් නිලධාරීනුත් උන්ට එකතු වුනාම ජනතාවට දෙවියන්ගේ පිහිටයි. (නදී)

:       0       0

ලුම්බිණි Sunday, 21 July 2013 05:48 AM

හමුදා පුහුණුව රටේ සියලුම දෙනාට ලබා දිය යුතු බව තහවුරු වෙනවා. (නදී)

:       0       0

විදානගේ Sunday, 21 July 2013 06:53 AM

අලුත් රැකියා මන් පෙත් සොයා යාමක් ද ?(නදී)

:       0       0

දීපාල් ධනුෂ්ක Sunday, 21 July 2013 07:05 AM

ලංකාවේ පොලිසිය කොයි තරම් පහත මට්ටමක ඉන්නවා කියලද ඔයාලට හිතෙන්නේ. කුඩු විකුනුවට කමක් නැහැ දැන් කප්පම් ගත්ත එක තමයි වැරදි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site