IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කුඩු ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ සමග බිරිය අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බුද්ධික කුමාරසිරි)

දැනට බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අසංක ප්‍රියදර්ශන නොහොත් කුඩු අසංක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන අධි සුඛෝපභෝගී දෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් හා දේපළ සමග ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

ඒ අතර රුපියල් කෝටි තුනකට ආසන්න පර්චස් දහයක භූමියක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලකට මුද්‍රා තැබූ බවද පොලිසිය කියයි.

මෙම වැටලීමේදී පර්චස් විස්සක ඉදිකර තිබූ අධි සුඛෝපභෝගී දෙමහල් නිවසක්, පර්චස් දහයක ඉඩමක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලක්,මෝටර් රථයක් , යතුරුපැදි දෙකක් , කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, පවුම් පනහක් වටිනා රන් භාණ්ඩ තොගයක්, මුදලින් 1,23,000, පර්චස් දහයක ඉඩම් තුනක් විමර්ශනය නිලධාරීන් සොයාගෙන තිබේ,

මෙම වැටලීම නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය, විශේෂ කාර්ය බළකාය හා කහතුඩුව පොලිසිය එක්ව සිදුකර තිබූණි.

ආමි අසංක නමැත්තා යුද හමුදා වේ සේවය කරද්දී වැඩ තහනමකට ලක්ව පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරමට යොමු වී මෙසේ අයථා වත්කම් උපයාගෙන ඇති බවට විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.


(ඡායාරුප ශාන්ත කුලරත්න )

;



අදහස් (6)

කුඩු ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ සමග බිරිය අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 20 December 2023 03:39 PM

මත් ද්‍රව්‍ය වලින් රටක් ජාතියක් වැනසෙනවා.ඒවාට තිත තැබිය යුතුමයි.ඒත්,පසුගිය කාලේ හිටපු රාජ්‍ය නායකයන් හා ඇතැම් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හා සම්බන්ධ අපමණ චෝදනා පාර්ලිමේන්තුවෙන්ම නැගුණා.ඒත්,ඒවා ගැන වගේ වගක් නැහැ.ඇස් කන් වසාගෙන ඉන්නවා.නීතිය ලොකු පොඩි කොයි කාටත් එකසේ සමානව ක්‍රියාත්මක විය යුතුයි නේද ?

:       0       11

Shantha - Qatar Wednesday, 20 December 2023 04:28 PM

කොහෙඳ මෙ කියල කිව්වොත් තව තව කඩල් හොය ගන්න පහසු වෙවි. ඔබතුමාලාට, ප්‍රදේශයත් ප්‍රසිද්ධ කරන්න.

:       0       3

Sharm Wednesday, 20 December 2023 05:34 PM

දැන්... මේ නෝනත් ආයුධ පෙන්නන්න එක්කං යනවද??

:       0       4

Siri Wednesday, 20 December 2023 05:41 PM

හොඳ වැඩක්. වක්කඩේ පිටින් මඩ බඳින්න කලින් ඔය මහා පරිමාණයෙන් ලංකාවට කුඩු වර්ග ගෙන්වන ලොකු ලොකු මෝරුන් අල්ලගන්න මොනවා හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලොත් නේද වැඩිය හොඳ ?

:       0       7

සමන් - ඕමානය Wednesday, 20 December 2023 08:14 PM

නියමයි. හැබැයි මෙයා පිටිපස්සෙන් ඉන්න අයත් ඇල්ලුවොත් තමයි වැඩේ පංකාදු !!!

:       0       11

Sumudu Perera Thursday, 21 December 2023 10:03 AM

දේශපාලකයෝ පොහොසත් වෙලා තියෙන්නේ කොහොමද හොයන්න පොලිසිය්ටා බෑ .උන්ට බයයි .ලැජ්ජා නැති පොලිස්

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site