IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘කුඩු ජෝඩුවක්‘ මාදිවෙලදී අත්අඩංගුවට

හිරගෙදරදී යාළු වී හිරෙන් නිදහස් වී අඹු සැමියන් ලෙස ජීවත්වන දෙදෙනකු හෙරොයින් කුඩු පැකට් 800න් සමග පිටකෝට්ටේ මාදිවෙලදී අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ලත් තොරතුරු අනුව මහරගමදී තවත් පුද්ගලයකු ළඟ තිබී කුඩු පැකට් 400ක් සොයා ගත් බව මිරිහාන විශේෂ අපරාධ පරීක්ෂණ අංශය කියයි.

මහරගම පුද්ගලයා ද හිරෙන් නිදහස් වී ආ අයෙකි.

හිරෙන් නිදහස් වූ කතක වන ‘සුදු අක්කා‘ මේ කුඩු ජාවාරමේ ප්‍රධානියා බව පොලීසිය කියයි.

ඇය සොයා මෙහෙයුමක් ද අරඹා ඇත.

කුඩුවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ හයකි.

මාදිවෙලදී අත්අඩංගුවට ගත් කත මාස දෙකක ගැබිනියක් බව ද පොලීසිය කියයි.

 



අදහස් (0)

‘කුඩු ජෝඩුවක්‘ මාදිවෙලදී අත්අඩංගුවට

ද සිල්වා Wednesday, 10 April 2013 09:14 PM

ලංකාවේ හිර ගෙවල් හරියට අපරාද උගන්වන විශ්වවිද්‍යාල වගෙයි , මේ වට යන සුළු අපරාධකාරයා නිදහස් වෙලා අවට පස්සේ කරන්නේ මිනීමැරුම් වැනි ලොකු අපරාධ , (අ)

:       0       0

ජනූල් Thursday, 11 April 2013 11:23 AM

රුවන්, පාලිත, හා ඉෂාර. පළමුව ඔබල හැදෙන්න, අනිත් අය නිකම්ම හැදෙයි. හැම දේටම ජාතිය ගාවගන්න එපා. රට ගැන හිතන්න.(ස)

:       0       0

ගාමිණි. Wednesday, 10 April 2013 09:11 PM

කුඩු ජෝදු වගේම දරුවනුත් මේ වැඩේට හවුල් කර ගන්නවා!දරුවෝ ජාත්‍යන්තර දමල ඉංග්‍රීසි කතා කරලා සුපිරි ව්‍යාපාර කරන්න යොදවා ගන්නවා! කොළඹ මේ ජාවාරම් නවත්වන්න තව අවුරුදු ගණනාවක් ගතවේවි (අ)

:       0       0

රුවන් Wednesday, 10 April 2013 09:36 PM

සෙන්තිල් - කෝ දැන් බලමුකෝ අන්තවාදීන්ගේ ප්‍රතිචාර// මේ ප්‍රශ්නෙට ඇයි ඔය වගේ ඒවා ගාව ගන්නෙ.. ලංකාවට ප්‍රධානම වශයෙන් කුඩු ගෙන්නන්නේ මුස්ලිම් අය. (පකිස්තානය වැනි රටවලින්).අනික මේ ජාවාරම්වලට ප්‍රධානම හේතුව අපේ රටේ ඇමතියන් කියාගන්නා කට්ටිය නිසා. ඒක නවත්තන්නත් පුලුවන්නම් ඔබ ඔය ඇගිල්ල දික් කරන පුද්ගලයන් ඒ දේවල් නවත්තන්න පියවර ගනී. අවුරුදු ගානක් කරගෙන ආපු ජඩ වැඩ ඔක්කොම විනාඩියෙන් නවත්තන්න බෑ..ඒක නිසා මේ වගේ නූගත් කොමෙන්ට් කරන්න එපා.. අදාල දේ පමණක් කතා කරන්න.. අනවශ්‍යය දේ කතා කිරිමෙන් ඔබ නූගත්කම ප්‍රදර්ශනය වීම පමනයි සිදු වන්නේ. (අ)

:       0       0

චන්දන හේවගේ Wednesday, 10 April 2013 11:07 PM

කොපමණවැරදි කළත් සල්ලි තියෙනවනම් එළියේ බව වැරදි කරන අය දන්නවා. (ස)

:       0       0

පාලිත Wednesday, 10 April 2013 11:28 PM

රුවන්, ඔබ හරියටම හරි. සෙන්තිල්ට ලැජ්ජා හිතෙයි එයාගේ නූගත්කම නිසා වෙච්ච දේට.. (නි)

:       0       0

මොහම්මදු Friday, 12 April 2013 01:20 AM

කුඩු සිංහල රටට ගේන්නේ කවුද කියලා අපි දන්නවා සෙන්තිල්. (නි)

:       0       0

ලලිත් Friday, 12 April 2013 03:57 AM

තිතට කුඩු.....මතට එතනෝල් (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 April 2013 03:08 AM

බලු වලිගෙ උණ පුරුකේ දැම්මාටවත් දිග හැරෙන්නේ නැත (නි)

:       0       0

චන්දා Thursday, 11 April 2013 03:18 AM

බොදුබල සේනාවට ආඩපාලි කියන ඔලු දෙකේ නරි වැරදි හොයනවටත් බනිනවා / නොසොයනවා කියලත් බනිනවා. පුදුම සත්තු. (නි)

:       0       0

බන්දුල Thursday, 11 April 2013 03:26 AM

සමහරුන්ට නම් මේක හොද ඉල්ලමක්. ජනතාව විනාශවෙන එක ගැන හිතන්නේ නැහැ (නි)

:       0       0

දයා Thursday, 11 April 2013 02:20 PM

මේ කුඩු ගෙන්වන මහා පතාක යෝධයින්ව අල්ලලා ඉවරයක් කරනකල් කවමදාවත් මේක නතර කරන්න නම් වෙන්නෙ නැහැ (නි)

:       0       0

varuna Thursday, 11 April 2013 08:04 AM

පොඩි පොඩි හල්මෙස්සෝ අල්ලනවා තෝරු මෝරු එළියේ අර බාලසූරිය මහත්තයාගේ කලේ අල්ලපු අල කන්ටෙනරේ ආපු කුඩු වලට ඇල්ලුවේ කව්ද?දඩුවම් කලේ කාටද?ස්ප්‍රීතු නඩුවට මොකද උනේ?

:       0       0

ඉෂාර Thursday, 11 April 2013 08:08 AM

රුවන් සමඟ මමත් එකඟයි. පාලිතට කියන්න තියෙන්නේ නම් ඔය සෙන්තිල් වගේ අයට ලැජ්ජාවක් දැනෙන්නෙ නැති බවයි. එසේ දැනෙනවා නම් මේ විදිහට ඉතා විශාල ලෙස, දෙස් විදෙස් ලාංකිකයන් එකතු වෙන තැනක, දිස්වෙන පළමු ප්‍රතිචාරයම ඒ ආකාරයේ මෝඩ කතාවක් දමයිද? (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 10 April 2013 07:18 PM

තව තවත් මේ වගේ අපචාර වැඩ කොරපල්ලා සිංහලුනේ. කෝ දැන් බලමුකෝ අන්තවාදීන්ගේ ප්‍රතිචාර... (නි)

:       0       0

මාර්ස් Thursday, 11 April 2013 09:17 AM

මුස්ලිම් සිංහල භේද කරන අන්තර් ජාතික බලවේග වලට මිනිස්සු නිකන් අහුවෙනවා. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 11 April 2013 09:29 AM

රුවන් හරි. සෙත්තිල් මහා මෝඩයෙක්. (නි)

:       0       0

විජේතුංග Thursday, 11 April 2013 09:31 AM

නියම නොම්මර එකේ මෝඩයෝ කවුද කියලා රුවන් , පාලිත , ඉෂාරලාගේ අදහස් වලින් හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

ජූඩ් Wednesday, 10 April 2013 08:03 PM

ලංකාවේ කුඩු අහුවෙන්නෙ නැති දවසක් කියන්න බලන්න. පෝයටත් විකුණනවා, බොනවා. ලංකාවේ දුෂණ වලට මුල වන කුඩු කවදා නවතියිද දන්නේ නැහැ (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 11 April 2013 10:37 AM

අපේ සමහර දේශපාලකයන්ට මේ ආදායම් වලින් කොටස් එන නිසා සමාජයෙන් මත්ද්‍රව්‍ය අයින් කළ නොහැකි ඇති. (නි)

:       0       0

ජයතිස්ස Thursday, 11 April 2013 10:47 AM

අපේ රටේ නිතිය හරියට ක්‍රියාත්මක නොවන නිසයි මේවගේ අපරාද දින දින වැඩි වන්නේ (ස)

:       0       0

රන්දී Wednesday, 10 April 2013 08:24 PM

මත්ද්‍රව්‍ය අපාරධයක් විදියට බලන්නේ නැතිව සෞඛ්‍ය උවදුරක්‌ විදියට බැලුවොත් මේ ප්‍රශ්න මීට වඩා මඟ හරවාගන්න පුළුවන්. (නි)

:       0       0

උපාලි Thursday, 11 April 2013 11:02 AM

රුවන්, පාලිත, ඉෂාර කියන දේ සම්පුර්ණ ඇත්ත. කටුනායකදී අහුවෙන තරමක් අහුවෙන්නේ කවුද? ජාත්‍යන්තර කුඩු මොළ කාරයෝ කවුද? රුවන් කිව්වා වගේ එක වතාවක් කුඩු කිලෝ ගණනක් රස පරීක්ෂකට යැව්වහම කිව්වේ මොකක්ද? මේවා කුරක්කන් පිටි කියලා. රට වනසන දේශපාලකයොයි දුෂිත උසස් පොලිස් නිලධාරිනුයි මේක පවත්වාගෙන යනවා. (නි)

:       0       0

කුරුවිට Wednesday, 10 April 2013 08:43 PM

දඩගහල එළියට දාන්න (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 11 April 2013 06:10 PM

සියලු දෙනාම ජීවිතාන්තය දක්වා හිරේ දමන්න මම යෝජනා කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site