IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුඩු ගෙනා ඉරානුවන් දිවි ඇති තෙක් හිරේ

(මනෝප්‍රිය ගුණසේකර)

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් රැගෙන එමින් සිටියදී නාවික හමුදාව අකුරල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් 09 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අද (12) නියම කළේය.

වසර 04 කට ඉහතදී හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිලිගන්නා බව දැනුම් දීමෙන් අනතුරුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කරමින් අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් වහාම රටින් පිටුවහල් කිරීමටද නියම කළේය.

2019 මාර්තු 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය වු අකුරල මුහුදු තීරයේදී හෙරොයින් මත්දව්‍ය ග්‍රෑම් 83.654 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

විත්තිකරුවන් සම්බන්ධයෙන් නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය වු අකුරල මුහුදු තීරයේ සැකකටයුතු අන්දමින් යාත්‍රා කරමින් තිබු යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කොට ඇති අතර ඒ අවස්ථාවේදී එහි තිබී හෙරොයින් මත්දව්‍ය තොගය සොයා ගෙන ඇති බවත් පසුවව එහි සිටි විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් අනාවරණය විය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකාර ඉරාන ජාතිකයන් 09 දෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව විත්තිකරුවෝ විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළහ.

ඒ අනුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන්ට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

 



අදහස් (5)

කුඩු ගෙනා ඉරානුවන් දිවි ඇති තෙක් හිරේ

Indika Thursday, 12 October 2023 06:18 PM

රටින් පිටුවහල් කලාම කොහොමද දිවි ඇති තෙක් හිරේ තියන්නේ?

:       0       2

Don Thursday, 12 October 2023 08:29 PM

දැන් එතකොට දිවි ඇති තෙක් මුන්ට කන්න දෙන්නේ රටේ ජනතාවගේ බදු මුදලින් ද

:       0       0

Perera Thursday, 12 October 2023 11:20 PM

දැන් ඉතින් මුන්ව හිරේ දාගෙන අපේ බදු මුදලින් කන්න බොන්න දිදී දිවි ඇති තෙක් නඩත්තු කරාවි .මුන් වගේ එවුන්ව එල්ලා මරා දැමිය යුතුයි

:       0       0

pakeer Friday, 13 October 2023 09:49 AM

ඇයි ලංකාවේ කුඩු ජාවාරම් කාරයින්ට ඔහොම දඬුවම් දෙන්න බැරි? ඒවා කරන්නේ රටේ ලොකුම, ඉහළම ඉන්න අය නිසාද? 

:       0       1

විපරමා Friday, 13 October 2023 03:21 PM

ඒකටත් එක්ක ලන්කාවේ කුඩු ජාවාරම් කාරයන්ට කිසිම අවුලක් නැහැ .දේසපාලුවන්ගේ පිහිටෙන් උන්ගේ වැඩ කරගෙන යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site