IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාඩිෆ් පිටියට පැන බරට දඩකයි

 

 

තිස්ස මඩවල/ සමන්ත විජේසිරි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර  ක්‍රිකට් තරගය පැවති ජුනි 20 වැනිදා එංගලන්තයේ කාඩිෆ් ක්‍රිඩාංගනයට කඩා වැදුණු මනිමාරන් සදාසර මුර්තීට (42) කාඩ්ෆ් මහෙස්ත්‍රාත් උසාවියෙන්  පවුම් 250 (රුපියල් 50000) ක දඩයක්ද පවුම් 85 (රුපියල් 17000)ක උසාවි ගාස්තුද පවුම් 25(රුපියල් 5000) ක තවත් දඩයක්ද නියම කළේය.මාටින් බ්‍රවුන් විනිසුරු ඔහුට දඩ ගෙවීමට සතියක් කල් දුන්නේය.

නීතීඥ සහාය නැතිව ඔහු උසාවියේ පෙනී සිටියේය.එංගලන්තයේ සරේ ප්‍රදේශයේ පදිංචි ඔහු සමඟ ඉදිරිපත් කළ තවත් හය දෙනෙක් නිවැරදිකරුවන් බව කීහ.

 රේගම් කුමාර් බාලචන්ද්‍රම් (23),එස් කාර්තිකේසු (25),තිලක්ෂන් කුලසිංහම් (19), කේ මහේෂ්වරන්(20),එස් නඩරාජා (24), ටී.රත්නම් (31) නිවැරදිකරුවන් බව කී පස් දෙනාය.



අදහස් (0)

කාඩිෆ් පිටියට පැන බරට දඩකයි

නයන Thursday, 11 July 2013 09:48 PM

ඒක ලොකු මුදලක් නෙමෙයි. අඩුගානේ පවුම් 5000 ක් විතර දඩ ගැහුවා නම් කමක් නැහැ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 11 July 2013 10:13 PM

මෙයාලව එංගලන්තෙන් පිටුවහල් කළා නම් ඉවරයි. මේ දඩය සුළු මුදලක් එංගලන්තේ වැටුප් සමග සංසන්දනය කළහම (නි)

:       0       0

ලලිත්-SL Thursday, 11 July 2013 03:29 PM

පිස්සුද බන්දුල මහත්තයෝ ඒවා නිකම් අපේ අය කියන්න දෙයක් නැතිව කියන ඒවා නේ. (අ)

:       0       0

චමීර Thursday, 11 July 2013 03:40 PM

අහල කියන්නං. (අ)

:       0       0

මහේල Thursday, 11 July 2013 03:47 PM

අපෝ මදි මදි හොදටම මදී. මුන්ගේ ඩයස්පෝරාවට ඔය ගාන ලොකු නැහැ. (අ)

:       0       0

මංගල Thursday, 11 July 2013 03:58 PM

පවුම් 250 ක් කියන්නෙත් බර දඩයක්ද? ඔන්න පවුම් 10000ක් විතර නම් බරයි, සාධාරණයි. සුද්දා තාමත් ලංකාවට කරන්නේ වින විතරමයි. (නි)

:       0       0

කැළුම් Thursday, 11 July 2013 04:03 PM

මේ වගේ ලක්ෂ ගානක් මුන්ට හම්බවෙලා ඇති. (නි)

:       0       0

ඇන්ටන් Friday, 12 July 2013 02:35 AM

රුපියල් වලින් බර ගානක් කිව්වට පවුම් වලින් සුළු ගානක් මේක ලන්ඩන් වල මාසයක ගෙවල් කුලිය කියක් විතර වෙනවද එහෙම රුපියල් වලින් බැලුවොත් ?(නදී)

:       0       0

බමුණු Thursday, 11 July 2013 06:39 PM

මිනිහව මෙහාට එවන්න. බස් ගාස්තුවත් අපි ගෙවන්නම් (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 11 July 2013 07:04 PM

ඔය දඩය එයාලට ලොකු ගානක් නොවේ (නි)

:       0       0

ඩියෝ Thursday, 11 July 2013 07:27 PM

පින් සිදුවේවි, ලංකාවට එවන්නකෝ (නි)

:       0       0

දම්මික පෙරේරා Thursday, 11 July 2013 02:22 PM

මේ වගේ නඩු එංගලන්තයේ මෙපමණ ඉක්මනින් ඉවර වුනාට අපේ ආශ්චර්යමත් ලංකාවේ අඩුම අවුරුදු 3 ක්වත් ගත කරනවා. තංගල්ලේ ජීවිතය අහිමිවූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ නඩුව ඉවර වෙනතුරු අපිත් ඔවුනුත් බලා සිටිමු (නි)

:       0       0

සානුල් Thursday, 11 July 2013 02:32 PM

මේකත් ගානක්ද? අපි සමහර එකවුන්ට් විභාග වලට ඔයිට වැඩිය කොච්චර ගෙවනවද විභාග ගාස්තු සහ සාමාජික ගාස්තු ලෙස. මේකෙන්ම ඔප්පුවෙනවා එන්ගලන්තයේ තියෙන කොටි හිතවාදි බව (නි)

:       0       0

තිලක් Thursday, 11 July 2013 02:35 PM

වරද කරපු ගමන් දඬුවන් කළහම ඒක ලෝකයම දන්නවා. අපේ රටේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා කුරෝලු කරලා තමයි දඩුවම් කරන්නේ.පරීක්ෂන නිමකරන්නත් අවුරුදු ගණන් යනවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 11 July 2013 02:40 PM

එතකොට ක්‍රෙඩිඩ් කාඩ් හොර කව්ද? මෙය නොවෙයි ද.?මේ යකාම නම් ඉන්ටෙර්පොල් එක මෙයාව අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ මොකද මෙහෙම එළිපිටම ඉදිද්දී.(අ).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site