IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කඩුව මුවහත් කරන්න අලුත් වැඩක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත් අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා කීය.

එසේම විශ්ව විද්‍යාල සිසුන්ට ද ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ අධ්‍යාපනඥ ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණසමරු උත්සවයට එක් වෙමිනි.

අද (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.

ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරුව නිමිත්තෙන්  “මගේ මංපෙත” ස්වයං චරිතාපදානය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි. 

විදුහල්පතිවරුන් දහසකට ග්‍රන්ථය පිළිගැන්වීම සංකේතවත් කරමින් දස දෙනකුට ග්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය. 



අදහස් (6)

කඩුව මුවහත් කරන්න අලුත් වැඩක් අරඹයි

chandima Friday, 17 November 2023 12:44 AM

මොකද කඩුව විතරක්? ජර්මන්, ස්පාඤ්ඤ, ජපන්, චීන, ප්‍රංශ, ඉන්දියානු, අරාබි වගේ භාෂාවන් ඉගෙනගත්තොත් නරකද?

:       0       2

කල්පනා Friday, 17 November 2023 06:21 AM

මෙතුමා මුලින්ම ඩෙලික් ආරම්භ කර දුෂ්කර ප්‍රදේශවල පාසල් සදහා ඉංග්‍රීසි ගුරුවරු ලබා දුන්නා එයින් යම් සාර්ථක ඉංග්‍රීසි දැනුමක් ලබන්නට දරුවන්ට ලැබුනත් හරියට උගන්වන ගුරුවරු ඉතාමත් අඩුවීම හා යන්තමින් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමතුන් ඉංග්‍රීසි උපකාරක පංති පැවැත්වීම නිසා දරුවන්ගේ දැනුම මොටවුනා කිව්වොත් නිවැරදියි හැකියාව ඇත්නම් ඉංග්‍රීසි ඉගැන්වීම සදහා ඉංග්‍රීසි භාෂා උපාධිය ඇති අය ගුරුවරු ලෙසට ගැනීමට ක්‍රමයක් හදන්න එසේම දෙමළ භාෂාවත් අනිවාර්ය කරන්න විශේෂයෙන් මෙම භාෂා තුනම දරුවන්ට කතාකරන්න හැකියාව ඇති කරන්න පුළුවන් නම් ඉතාමත් හොදයි

:       0       3

Bamunuarachchi Friday, 17 November 2023 09:35 AM

අරාබියේ කුස්සියේ වැඩට යන ගම්බද ගැහැණු අරාබි බාෂාවේ නිපුණයින් වෙලා එන්නේ අරාබි පාසල්වලට ගිහිල්ල නොවෙයි ගෙදර බාවිතය නිසා. හැබැයි ඒ ගොල්ලන්ට ලියන්න කියවන්න බැහැ. නමුත් අරාබි බාශාවෙන් රණ්ඩු වෙන්න පුළුවන්.

:       0       4

Amal Friday, 17 November 2023 09:49 AM

පිo ජනාධිපති, ඇයි ඉන්දියානු සහ චීන භාෂා දැනුමද ලංකාවේ පරපුරට ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන්න !!!

:       3       9

Perera Friday, 17 November 2023 09:55 AM

එක්කෙනෙක් පය 24න් සිංහල රාජ්ය භාශාව කරල අද එකෙ විපාකෙ තෙරුම් ගිහින්.

:       0       3

SoyzaFriday, 17 November 2023 03:42 PM

ඒකෙ විපාකය නම් 2009 දක්වාම විදවන්න වුණා ඒත් හරියට සාර්ථකත්වයක් ගන්න තවත් අවුරුදු තිහක් වත් ගතවේවි කියලා හිතෙනවා. ඇත්තටම සාමාන්‍ය පෙළ විභාගය සඳහා හැත්තෑව දශකයේ හා පෙර විෂයයන් දහයක් තිබුණා... දැන් නවයක් නිසා දෙමළ භාෂාවත් ඇතුළත් කර විෂයයන් දහයක් නියම කරන්න පුළුවන් නම් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site