( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් සැකකරුවන් ට ප්‍රතිවිරුද්ධ කල්ලියකින් ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකයෙන් කඩුවෙල අධිකරණය ආසන්නයට හා අවට ප්‍රදේශයට  දැඩි ආරක්‍ෂාවක් යෙදවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද යොදවා ඇත.

 එම ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු එම සැකකරුවන් හත් දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.