IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කඩවත - මීරිගම අධි වේගයේ වැඩ අරඹයි

(අංජුල මහික වීරරත්න)

පසුගිය පාලන වලින් තිබුණු කිසි කරදරයක් වත්මන් ආණ්ඩුව යටතේ කොන්ත්‍රාත්කරුවන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ නැතැයි වරාය මහා මාර්ග හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් ඇරඹීමේ උත්සවය අමතමින් පැවසීය.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ ඇරරඹීම සිදුකෙරෙයි. 

"2028 සිංහල දෙමළ අවුරුද්ද වන විට අප මේ මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණ කරනවා. 

රඹුක්කන සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් කටයුතු මේ වසරේදී ඇරැඹීමට අදහස් කරනවා.වරාය පිවිසුම් මාර්ගයේ වැඩ සියයට 98ක් ඉවරයි. ඒ වැඩකටයුතු ලබන වසර වන විට අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා වෙනවා.

රුවන් පුර අධිවේගී මාර්ගයේ වැඩ නතර වී තිබුණා.එහි ඉංගිරිය දක්වා ඉදිකිරීම් කටයුතු ඉතා ඉක්මනින් ඇරඹීමට කටයුතු කරනවා.ඉංගිරියේ සිට රත්නපුර දක්වා මාර්ග හොඳින් සංවර්ධනය කරනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගය වසර දොළහකින් පමණ අලුත් වැඩියා කර නැහැ.මේ වන විට එහි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබෙනවා.දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එක සේවා මධ්‍යස්ථානයක් පමණයි.උඩුකාව ප්‍රදේශයේ තව කුඩා සේවා ස්ථානයක් අප අරඹනවා.කටුනායකින් ටිකට් එක ගත් පසු මාතරින් ගෙවිය හැකි පරිදි අප කටයුතු ආරම්භ කරනවා. එවිට කෙළවරපිටියෙන් අමතර ගෙවීමක් කරන්නට සිදුවන්නේ නැහැ.තව මාස දෙකක් ඇතුළත ඒ කටයුතු සම්පූර්ණ කරනවා.ඉදිරියේදී ජාතික මහා මාර්ග සැලැස්මක් අප හදනවා යනුවෙන්ද බිමල් රත්නායක මහතා කීය.



අදහස් (5)

කඩවත - මීරිගම අධි වේගයේ වැඩ අරඹයි

Saman Wednesday, 17 September 2025 11:31 AM

දේවානිගෙන් අලාභය අය කර ගත යුතුය.

:       1       11

saman Wednesday, 17 September 2025 12:01 PM

මේ අයට ලැජ්ජාවක් නෑ.

:       1       8

යෝගා Wednesday, 17 September 2025 12:08 PM

දැන් ඕකට යන වියදමත් පොඩ්ඩක් කියන්නකෝ. එතකොට බලාගන්න පුලුවන් රත්තරනින්ද හදන්නේ කියලා...

:       2       10

අන්_ර Wednesday, 17 September 2025 12:11 PM

සහෝදරයා, කරන ගනුදෙනුවක් ඩොලර් වලින් කරපන්. නැත්නම් කේස්.

:       1       11

Kule Wednesday, 17 September 2025 01:54 PM

මෙයාලා තමයි ලංකාවේ අධිවේග මාර්ග හදනවාට වලිදැම්මේ... අද ඒක කරන්න එදාට වඩා තුන් ගුණයක් වියදම් කරනවා. 76 වසරක සාපයේ කසකරුවෝ මෙයාලයි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30966 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13096 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 864 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 906 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site