(සිතුම් චතුරංග)

නුවරඑළිය වළපනේ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුගෙන් පැහැරගත් සුඛෝපභෝගී මෝටර් රථයක් කිලිනොච්චිය පලෙයි, අයියකච්චි ප්‍රදේශයේ කැළෑවක දමාගොස් තිබියදී සොයාගත් බව පලෙයි පොලිසිය පවසයි.

කඩවත ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට අයත් මෙම මෝටර් රථය පසුගිය දිනක කුලී ගමනක් යන මුවාවෙන පැමිණ රියදුරාට පහරදි වලපනේ ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් තිබූ මෝටර් බවට අනාවරණයවූ බවද පොලිසිය සඳහන් කළේය.

තරුණයින් දෙදනකු අදාළ මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන ඇති බවද පොලිසිය අනාවරණය කොටගෙන ඇත.

මෙම මෝටර් රථය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂාකොට ඇති අතර ඉදිරි  අසුනේ තිබූ ලේ පැල්ලම් කිහිපයක් පමණක් හමුවූ බවත් රථය තුළ කිසිදු ඇඟිලි සලකුණක් නැතැයි ද  පොලිසිය ආරංචිමාර්ග සඳහන් කළේය.