ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 110 කඩුලූ පැන දිවීමේ (පිරිමි) ඉසව්වේදී හිටපු ඔලිම්පික් ශූරයකු වන චිනයේ ලියු සියැන්ග්, පළමු වටයේ තරගය ආරම්භයේදීම කඩුල්ලක පැටලී ඇද වැටීමෙන් තරගයෙන් ඉවත්වීමට සිදුවිය. මේ හේතුවෙන් පාදයේ ආබාධයකට ලක් වු සියැන්ග් ධාවන පථයෙන් ඉවත්වීමට රෝද පුටුවක ආධාරය ද ලබා ගැනීමට ද සිදුවිය.
2004 ඇතන්ස් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ලියු සියැන්ග් වාර්තා කළ කාලය (තත්පර 12.91) අදටත් ඔලිම්පික් වාර්තාව වේ. අවසන් වරට පැවැති බීජිං ඔලිම්පික් උළෙලට ද සියැන්ග්ට ආබාධයකට ලක්වීමෙන් සහභාගිවීමට නොහැකිවිය.
මෙම ඉසව්වේ ලෝක වාර්තාවට (තත්පර 12.87) හිමිකම් කියන කියුබාවේ ඩැරන් රොබ්ලස් පළමු වටයේදී ජය ලබා අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. ඩැරන්, බීජිං ඔලිම්පික් උළෙලේදී එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ක‍්‍රීඩකයා ද වේ.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කඩුලූ පැනීමේ ශූරයාට අකරතැබ්බයක්
සජී Thursday, 09 August 2012 08:37 AM
අනේ පව් කොල්ලා...(ස)
චන්ද්‍ර Friday, 10 August 2012 09:17 AM
ගණන් ගන්න එපා.බබෝ හිත හදාගන්න....(ස)
කාලිංග Thursday, 09 August 2012 02:14 PM
එය කණගාටුදායක කරුණක්.. නමුත් ඔබ උසස් කෙනෙක්..!!(නු)
ප්‍රවීන් මැනිලා Thursday, 09 August 2012 02:50 PM
ලබනපාර බලමු...මල්ලි..!(නු)
අමිල කටුනායක Thursday, 09 August 2012 03:18 PM
ඇත්තටම දුකයි...(ස)