IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කැඩුණු ගේ හදන්නැයි ඉල්ලා පාර අවුරති

ගාල්ලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට යාමට ඇති ප්‍රධාන මාර්ගයක් වූ අම්බලන්වත්ත පාර හරස් කරමින් පවුලක් අද දවල් උද්ඝෝෂණයක නිරත වූහ. ඉරිදා සවස නිවසේ කිසිවෙකුත් නොසිටි වේලාවක දී ජීප් රියක් හැපී තම නිවස කැඩුණු බව පවසන මේ පවුල ඉල්ලා සිටින්නේ බීමතින් ජීප් රිය පැදවූ පුද්ගලයා නිවස සාදා දිය යුතු බවයි. පොලිසියට පැමිණිල කළ ද මේ ගැන කිසිදු ක්‍රියාමර්ගයක් ගෙන නැතැයි ද ඔවුහු කියති. පොලිසිය පවසන්නේ අදාල අනතුර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමර්ග ගෙන ඇති බවයි.

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් පැමිණ තම මන්ත්‍රී ප්‍රතිපාදන වලින් නිවසක් සාදා ගැනීමට මුදල් වෙන්කැර දෙන්නම් යැයි පොරොන්දු වූ පසු ඔවුහු පාරෙන් ඉවත් වූහ.

 _DSC0865 _DSC0882_DSC0861



අදහස් (0)

කැඩුණු ගේ හදන්නැයි ඉල්ලා පාර අවුරති

දිල්ෂාන් Wednesday, 11 March 2015 01:48 PM

මිනිස්සුන් අන්තිමටම අසරණ වුනාම මේවාගේ වැඩ කරනවා. ගෙයක් නැති මිනිස්සු කොහේ ඉන්නද? දේශපාලුවෝ සැප විඳිනවා ජනතාව දුක් විඳිනවා. (හේ)

:       0       0

සමන්ති Tuesday, 10 March 2015 12:17 PM

මේ කට්ටිය නීතිය අතටගෙන වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 11 March 2015 01:43 AM

සාධාරණ ඉල්ලීමක්. (නි)

:       0       0

නිමල් ලාලිත Wednesday, 11 March 2015 02:55 AM

කළයුත්තේ මහජනතාවට අවහිර වන පරිදි මාර්ග හරස් කිරීම නොවේ. වරද කළ කෙනාගේ සහ උදව් දෙන අයගේ නිවාස වටකිරීමයි. (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 11 March 2015 03:33 AM

ගේ කැඩුන එක අපරාධයක් තමයි. නමුත් පුද්ගලික කාරණයක් මුල් කරගෙන ප්‍රධාන රෝහලකට යන්න තියෙන පාර අවහිර කරගෙන මෙහෙමෙ විරෝධතා පාන එකනම් අනුමත කරන්න බැහැ. (ර)

:       0       0

සමීර සාලින්ද Wednesday, 11 March 2015 05:00 AM

අපේ ගෙවල් ප්‍රශ්නය ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site