(මොහොමඩ් ආසික්)
අධික වර්ෂාව හේතුවෙන් පස් හා ගල් පෙරළීම නිසා ඊයේ 10 වැනි දා රාත්‍රියේ සිට තාවකාලිකව වසා දැමුණු මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව කොටස අද (11) වැනි දා පෙරවරුවේ සිට යළි විවෘත කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
මෙම මාර්ගයට ගල් සහ පස් පෙරළීම හේතුවෙන් යතුරු පැදියක්ද හානියට පත්ව තිබූ අතර දැඩි තත්වයක්ද මතුව තිබිණ.
මෙම අවදානම හේතුවෙන් මාර්ගය ඊයේ රාත්‍රියේ වසා දැමුණු බවත් අද 11 වැනි දා උදෑසන එම ප්‍රධාන මාර්ගය යළි විවෘත කරනු ලැබුවේ ක්ෂේත්‍ර නිරීක්ෂණයකින් අනතුරුව යැයි ද ඒ මහතා කීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය , මාර්ග සංවර්ධන අධිකාරිය, පොලීසිය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය යන ආයතනවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සැදුම්ලත් කමිටුවක් මෙම නිරීක්ෂණයට එක්වූ බවත් එම කමිටුවේ නිර්දේශ මත මාර්ගය විවෘත කළ බව ද දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී කීවේය.
ධාරානිපාත වැසි යළි ඇද හැලෙන්නේ නම් කමිටුවේ නිර්දේශ මත මහජන ආරක්ෂාව වෙනුවෙන් යළි මාර්ගය වසා දැමීමට සිදුවන බවත් එවැනි අවස්ථාවලදී හැකි තරම් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයා අද (11) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී තව දුරටත් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd