IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝටි 532ක ආදායම් බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස්ට ඇප

 

(නිමන්ති රණසිංහ)

රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටි පර්පචුවල් ටේ‍ෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා රුපියල් ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසට නිකුත් කළ සිතාසියකට අනුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටි අර්ජුන් ඇලේසියස් මහතාට එසේ ඇප නියම කෙරිණී.

මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසිනි.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම රුපියල් එකසිය හැට හත් රුපියල් කෝටි 532 (5,328,428,555/=) බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එහි අධ්‍යක්ෂ ධුරය දරන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.



අදහස් (12)

කෝටි 532ක ආදායම් බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස්ට ඇප

ganegoda Monday, 03 October 2022 05:29 PM

ඇලෝසියස්ලා අපේ රටට කෙළින කොට සිංහයෝ බලාගෙන ඉන්න හැටි තමයි ලස්සන...! 

:       0       12

සඳුන් Monday, 03 October 2022 05:37 PM

කොළඹ එකොළහ පැත්තෙන් කුණු ගඳක් එන්නේ මොකද බැලුවා...?

:       0       13

ජගත් ලියනගේ Monday, 03 October 2022 05:56 PM

ස්තුතියි. ඒ වගේ හොඳ ව්‍යාපාරිකයෙක් හිරභාරයට අරගෙන කොහොමද, නේද?

:       0       0

මහසෙන් Monday, 03 October 2022 06:24 PM

ඇප විතරද? නොගෙවා තියෙන බදු මුදල් කපා හරින්න නියෝග දීලා නැතිද? එහෙව් රටක් මේක...!

:       0       0

Bamunuarachchi Monday, 03 October 2022 06:26 PM

ඕක මොකක්ද? ලක්ෂ 15 විදුලිබිල නොගෙවා ඒත් විදුලිය පාවිච්චි කරන ඇමැතිලා ඉන්නේ. අතඋල්ල 94000, හරීන් ලක්ෂ 14 යි.

:       0       0

SUNIL MILANO Monday, 03 October 2022 07:34 PM

බඩගින්නට බනිස් ගෙඩියක් හොරාට අරගෙන. උසාවි යන්නකෝ බලන්න මොකද වෙන්නේ කියලා... බලන්න. මෙයාලගේ සිත් උණුවෙලා. අඩුම තරමේ සති 2ක් ඇතුළට දානවා. ශුවර්...

:       0       0

නිහාල් Monday, 03 October 2022 09:43 PM

ජනාධිපති මන්දිරයේ ඇඳේ රෙද්ද අරන් ගිය කෙනා අල්ලා ගත්තානේ. ඒකම කොච්චර ජයග්‍රහණයක්ද?

:       0       0

de silva Tuesday, 04 October 2022 12:21 AM

අනිවාර්යයෙන් ඉදිරියට මේවගේ ලෝක හොරු පාරෙදි අසුවුණොත් ජනතාව විසින් ගහලා මරා දමනවා.

:       0       0

Perera Tuesday, 04 October 2022 05:50 AM

අද ඇප පිට නිදහස්... හෙට පැමිණිල්ලේ තාක්ෂණික දෝෂ නිසා නිදොස්කොට නිදහස්...

:       0       0

haris Tuesday, 04 October 2022 08:18 AM

බඩුත් හමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ.

:       0       0

Edwared Tuesday, 04 October 2022 08:44 AM

කෝ මෙම අරගල කාරයො????අර්ජුන් නිදහස්.හෙට අනිද්දා අර්ජුන්ගෙ සීයා කාරයත් එයි.මොකද එයාගෙ වගකීම බාරගත් නායකයෙක්නෙ ඉන්නෙ,සතුටු ඇති රට වෙනුවෙන්,රට නිරුවත් කරපු වැදි අරගලකරුවන්ට

:       0       0

වීරවිජේ Tuesday, 04 October 2022 01:04 PM

ඊළග ආණ්ඩුව ආවම නඩුව‌ කෝටි 432ටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site