
(යොහාන් භාසුර)
රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 155 කට අධික තොගයක් සහ සැකකරුවන් දෙදෙනකු නොරොච්චෝල ඉලංතඩිය ප්‍රදේශයේ අද (23) අළුයම් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
මෙම කේරළ ගංජා තොගය සමග මෝටර් රථ දෙකක් සහ යතුරුපැදි දෙකක් භාරයට ගත් බවත් වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය නොරොච්චෝලය, ඉලංතඩිය ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් නාවික හමුදාව කීය.
නිවසක් අසළ නවතා තිබූ මෝටර් රථයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ, පාර්සල් හැත්තෑ 78 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 155 ග්‍රෑම් 450 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු එම මෝටර් රථය සහ මෙම ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන තවත් මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් එම ස්ථානයේ තිබී භාරයට ගත් බව කී නාවික හමුදාව සැකකරුවන් දෙදෙන අවුරුදු 35 සහ 40 යන වයසේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් බවද සඳහන් කළේය.
එම කේරල ගංජා තොගය, සැකකරුවන් දෙදෙනා, මෝටර් රථ දෙක සහ යතුරුපැදි දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලය පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද බව ද නාවික හමුදා වැඩිදුරටත් පැවසීය.


2025 දෙසැම්බර් මස 18
355
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 5ක කේරළ ගංජා නොරොච්චෝලෙන් අල්ලයි