(යොහාන් භාසුර)
රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 130 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මෙම කේරළ ගංජා තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරු භාරයට ගත් බවත් උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනය රාත්‍රී කාලයේ දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ගංජා තොගය සොයා ගත් බවත් නාවික හමුදාව කීය.
එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම ඩිංගි යාත්‍රාවේ තිබී උර තුනක පාර්සල් 61 ක අසුරන ලද, කේරළ ගංජා කිලෝ 130 ග්‍රෑම් 600 ක් පමණ තොගයක් සමඟ සැකකරුවෙකු මෙලෙස භාරයට ගත් බව කී නාවික හමුදාව පැවසුවේ භාරයට ගත් වයස අවුරුදු 44 ක් වන සැකකරු යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් බවත්ය.
එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනි පොලිසියට භාර දුන් බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 4 ක කේරල ගංජා යාපනෙන් අල්ලයි
පැරකුම් Sunday, 20 August 2023 02:45 PM
දහතුනෙන් බලතල ලැබුණාට පස්සේ ඔය ජාවාරම ජයටම කරගෙන යන්න පුළුවනි...