IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කෝටි 4ක රන් බිස්කට් කටුනායකින් අල්ලයි

(සීදුව විශේෂ ප්‍රසාද්  මුතුකුඩ)


රුපියල් කෝටි 04කට ආසන්න වටිනා කමකින් යුතු  රන් බිස්කට් නීති විරෝධීව මෙරටට රැගෙන  එනු ලැබු ඉන්දීය ජාතිකයෙකු අද (19) උදැසන ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත .


 ඉන්දියාවේ සිට  කටුනායකට පැමිණි ව්‍යාපාරික පිරිසක් සමග මොහු ගුවන්තොටුපලින්  පිටව ගොස්  නැවතත් රේගු පරිශ්‍රයට ඇතුල්වි සිටියදී රේගු අධිකාරි ආර්. එස්. කේ. සෙනෙවිරත්න මහතාට  ලද සැකය මත  ඉන්දියානු ජාතිකයාගේ  කලිසම් සාක්කු පරික්ෂා කිරීමේදී එහි තුළ  කැරට් 24  ග්‍රෑම් 100ක් බරැති රන් බිස්කට් සොයා ගත් බව  රේගුව කියයි.  ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සැකකරු  කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබූ බව රේගුව කියයි.

ඉදිරි පරික්ෂණ  කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් සිදුකෙරේ.

 



අදහස් (7)

කෝටි 4ක රන් බිස්කට් කටුනායකින් අල්ලයි

sam Saturday, 19 May 2018 06:54 AM

රත්තරන් වල මිල වෙනස රටින් රටට වෙනස් වන්නේ ඉතාම සුළු වශයෙනුයි. එවැනි තත්වයක් යටතේ නීතියට අසුවීමට ඉතාම අවදානමක් ඇතිව මෙවැනි දේ සිදු වෙන්නේ රන්වලින් සුළු ලාභයක් ලබාගැනීමට නොවෙයි. මේ කළු සල්ලි සුදු කරන ප්‍රධාන ක්‍රම අතරින් එකක්... දින කිහිපයකට වරක් මෙවැනි රන් තොග අසුවුණත් දඩ ගසා රන් රාජසන්තක කරනවා මිසක් මේවායේ නියම වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමක් කිසිදා සිදුවෙන්නේ නැහැ.

:       0       28

BamunuarachchiSaturday, 19 May 2018 08:01 AM

රත්‍රන් රාජසන්තක කලාම හොඳටම ඇති... වෙන දඬුවම් මොකටද? පුද්ගලයාට දඬුවම් දෙන්නේ මොකටද? මේක හරිම අහිංසක වරදක්... මහලොකුවට දාන නිසා අපිත් වැරැද්දක් හැටියට හිතනවා.

:       19       0

Jan Saturday, 19 May 2018 08:00 AM

ඔය රාජසන්තක කරන රත්රන්වලට මොනවද වෙන්නේ? ප්‍රසිද්ධ වෙන්දේසියේ දාලා විකුණනවද? දන්නේ නැති නිසයි අහන්නේ... දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.

:       0       0

sampath Saturday, 19 May 2018 08:02 AM

මට ආරංචි හැටියට මේ නිලධාරින්ට වැටුපක් අවශ්‍ය නැහැ.

:       0       1

Sugandghi Saturday, 19 May 2018 08:07 AM

හරියට මෝරල් කොම්බැට් කතාව වගේ...

:       0       1

රජින්ද Saturday, 19 May 2018 12:52 PM

රජය රත්රන් වලට බද්දක් නොගහ ඉන්න ඇත්තෙත් බද්දකින් ලැබෙන ආදායමට වඩා නීතිවිරෝධී භාණ්ඩයම රාජසන්තක කලාම ලැබෙන වටිනාකම වැඩි නිසා වෙන්න ඇති. කොහොමද ටිකිරි මොළේ.!

:       0       1

sanathSaturday, 19 May 2018 06:35 PM

මේවා රාජසන්තක කළාට ආණ්ඩුවට ලැබෙන්නේ සොච්චමක් විතරයි. වෙළඳපොලේ වටිනාකමින් තුනෙන් එක් පංගුවක් අදාල රේගු නිලධාරීන් දෙතුන්දෙනාට ලැබෙනවා. තව තුනෙන් පංගුවක් ඔත්තුකාරයට දෙනවා. රත්රන් ටික ටෙන්ඩර් එකෙන් විකුණලා ආණ්ඩුවට ලැබෙන්නේ වෙළඳපොලේ වටිනාකමට වඩා අඩු මුදලක්. ඒ නිසා ආණ්ඩුවට හරියට ලැබෙන්නේ දඩ මුදල විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site