
(යොහාන් භාසුර)
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වමින් බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී පිරිසක් අද (26) විරෝධතාවක් පැවැත්වූහ.
අදාල විදේශ රැකියා නියෝජිත ආයතනය රුමේනියාව, ඊශ්‍රායලය, සිංගප්පූරුව සහ ඩුබායි යන රටවල්වල රැකියා දෙන බව පවසමින් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්‍ෂ හයේ සිට ලක්‍ෂ 25 දක්වා මුදල් ලබාගනෙ ඇති බවත් එම මුදල් වෙනුවට ඔවුන්ට අගරු චෙක්පත් දී ඇති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
අදාල වංචාව සම්බන්ධයෙන් මහරගම පොලිසියට සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණි කළ ද නීතිය ක්‍රියාත්මක නොවන බවත් විරෝධතාකරුවෝ චෝදනා කරති.


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
ජයනාත් Friday, 26 April 2024 05:11 PM
හවුලේම ගේමක් දීලා වගේ...
channa Friday, 26 April 2024 05:21 PM
මනූෂ නිදිද? නිදි වගේ ඉන්නවද?
Nihal Friday, 26 April 2024 07:39 PM
රුමේනියාවට අනුමත ගාස්තුව වෙන්නේ ලක්ෂ 12 ක පමණ සමහර ඒජන්සි ලක්ෂ 23, 30 ගන්නවා, ඇමැතිලා නිලධාරීන් හවුලේ කරන නිසානේ නීතියක් නැත්තේ...!
Nimal Sunday, 28 April 2024 08:05 AM
තවමත් මෙවැනි ප්‍රෝඩාවන් ට මුලාවෙන අය සිටිනවානේ .දැඩි ආර්ථික දුෂ්කරතා නිසා තමයි මේ අය එම්වනි වංචාවලට හසු වන්නේ .කෙසේ හෝ විදේශ රැකියාවක් ලබාගන්නයි බලන්නේ
ෂම්මි Sunday, 28 April 2024 09:25 PM
ඕකුන්ගේ නම් ටිකත් එලියට දාන්න, අඩුම ගානේ ඔය හොර ඒජන්සියේ නමවත් දාන්න. තව කොච්චර අය සල්ලි දීලා බලන් ඉන්නවාද දන්නේ නෑ.. අනෙක් හොර කාලකන්නි හොර ඒජන්සි කාරයන්ටත් පාඩමක් වෙන්න ඔක්කොම නම් ගම් ප්‍රසිද්ධ කරන්න .