IMG-LOGO

කෝටි 29ක මැණික් කටුනායකදී මාට්ටු

(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)

රුපියල් විසි නව කෝටි දස ලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ කාන්තාවක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

ඇය කොළඹ , ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි .

ඇය අද (30) අලුයම 03.13 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 274 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම කාන්තාව ඇද සිටි ඇදුම් අතර කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 75 ක් ( 2311.75 g ) බරැති මෙම මැණික් තොගය සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

 



අදහස් (4)

කෝටි 29ක මැණික් කටුනායකදී මාට්ටු

Perakum Wednesday, 30 August 2023 04:31 PM

දාහකට එකක් විතර තමයි අහුවෙන්නෙ. මේ ව්‍යාපාරික කාන්තාවම මීට පෙර කොයි තරම් ගෙනියන්න ඇත්ද.

:       1       11

Kumara Wednesday, 30 August 2023 06:07 PM

මෙය නීති විරෝධීද?

:       2       1

SunilThursday, 31 August 2023 10:54 AM

රජයට ගෙවිය යුතු බදු පැහැර හැරීම අහුවුනොත් නීති විරෝධීයි. නැත්නම් නීතිය වෙනස් කරල සීනිවලට කළාවගේ බදු අඩුකරගන්න පුලුවන්. විවිධ ක්‍රම තියෙනවා.

:       1       5

chandima Thursday, 31 August 2023 06:52 AM

මැණික් පොදිය ඇල්ලුවට ගෝලයෝ දම්මලා මහබැංකුව කොල්ලකාපු එකේ මහ මොළ කාරයාව අල්ලන්න තවම බැරි උනානේ ?

:       6       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site