(සුජිත් හේවාජුලිගේ )
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පසුගිය වසරේදී රුපියල් කෝටි 151 කට වැඩි මුදල අනුමැතියකින් තොරව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
යම් ආයතනයක් එලෙස මුදල් ආයෝජනය කරන්නේ නම් 1971 අංක 38 දරණ මුදල් පනතේ 11 වැනි වගන්තිය අනුව මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර මාණ්ඩලික නිලධාරීන්ට දෙන ණය පහසුකම් රජයේ වියදම් පාලනය කිරීමේ තීරණය හේතුවෙන් අත්හිටුවන ලෙස දන්වා තිබුණද ඊට පටහැනිව ආයතනයේ මාණ්ඩලික නිලධාරීන් සඳහා රුපියල් පන් ලක්ෂයකට වැඩි ආපදා ණය මුදල් ගෙවා තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.
මේ අතර නිලධාරියකුගේ කැමැත්ත පරිදි ඕනෑම වාර්ෂික උත්සවයක් සඳහා රුපියල් දස දහස බැගින් අත්තිකාරම් මුදලක් ලබාදිය හැකි වුවත් පසුගිය වසරේදී එම ආයතනයේ සේවකයන් 228 ක් වෙනුවෙන් එම සීමාව ඉක්මවා රුපියල් තිස්දහස බැගින් උත්සව අත්තිකාරම් මුදලක් ගෙවා තිබූ බව විගණන කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
90
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 151 ක් හොර පාරෙන් ආයෝජනය කරලා