IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටි 14ට ලොබවී ලක්‍ෂ හතක් පුදයි

එතෙර ලොතරැයියකින් රුපියල් කෝටි ගණනක්  ලැබී ඇතැයි  වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගේ ඩොලර් දාහක් වංචා කළ බවට වරද පිළිගත් නයිජිරියා ජාතික ක්ලින්ට් කි‍්‍රස්ටියන් තවත් එවැනි  වංචාවක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින්  රිමාන්ඞ් කරනු ලැබිය.  හෝමාගම ව්‍යාපාරිකයකුට එතෙරින් පවුම් හත්ලක්‍ෂ විසිදාහක (රුපියල් කෝටි දාහතර හමාරකට වැඩි මුදලක්)  ලොතරැයියක් ඇදුණු බව කියා රුපියල් ලක්‍ෂයක්ද බැංකු ගිණුමට හයලක්‍ෂක් පමණද බැර කරවාගෙන ඇතැයි පොලීසිය උසාවියට දැන්වීය.



අදහස් (0)

කෝටි 14ට ලොබවී ලක්‍ෂ හතක් පුදයි

උපාලි Thursday, 19 July 2012 09:41 PM

ඔච්චර මෝඩද

:       0       0

සේනානායක Thursday, 19 July 2012 11:20 PM

තණ්හාය ජායති සෝකෝ ...........

:       0       0

මංගල Friday, 20 July 2012 01:09 PM

අපේ ලංකාවේ නම් ඉන්නේ මෝඩයෝමද කොහේද? ඔය වගේ ඊ-මේල් අපිටත් එනවා ඕනේ තරම්.අපි නම් ගණන් ගන්නේ නැහැ. (නි)

:       0       0

පුරං අප්පු Friday, 20 July 2012 01:45 AM

නයිජිරියාවෙ අයත් අපේ අයට දෙවැනි නැහැ..

:       0       0

මොහොමඩ් අලී Friday, 20 July 2012 01:46 PM

හොර ඩොලරුත් මාරු කරනවා....පරිස්සම් වෙන්න.... (සවි )

:       0       0

රජිත මන්ජුල Friday, 20 July 2012 02:03 PM

අපි නම් අහුවෙයි ඕවට...සල්ලි තියෙන පුත්තු ඕවට අහු වුණාට..... (සවි )

:       0       0

අමිල කටුනායක Thursday, 19 July 2012 05:35 PM

ගෙවන්න පෙර සොයා නොබැලීමේ වරද

:       0       0

රුවන් ගමරාළගේ Friday, 20 July 2012 08:34 AM

මෙයාගේ බිස්නස් හොයා බලන්න. සමහරවිට මෙයත් මොනවහරි වංචාවක් කරනකෙනෙක් වෙන්න ඇති. හුගක් වෙලාවට ඒ වගේ අයට තමයි මෙහෙම වෙන්නේ. (ස)

:       0       0

වෙනුර Friday, 20 July 2012 08:34 AM

සල්ලි කියපුවහම කොයි තරම් දේවල් අමතක වෙනවද?

:       0       0

පිලිපීනෝ Friday, 20 July 2012 08:41 AM

දැන් බැලුවම අපේ මිනිස්සු දන්න දේකුත් නෑ....නොදන්න දේකුත් නෑ....ඒකනේ මේ වගේ දේවල්වලට පැටලෙන්නේ....

:       0       0

යොහාන් කුරේ Thursday, 19 July 2012 06:53 PM

මට ලියන්න හිත නැහැ..

:       0       0

ලුම්බිණි Friday, 20 July 2012 09:33 AM

මේක සංවිධනාත්මක කණ්ඩායමක් කරන දෙයක්. පොලිසිය හොඳින් පරීක්ෂා කලොත් අනික් අයත් අත්අඩංගුවට ගන්න පුළුවන්. නයිජීරියන් හොරු ලංකාවේ විතරක් නොවේ වෙන රටවලත් මේක කරනවා.

:       0       0

ඉන්ද්‍රානි. Friday, 20 July 2012 04:09 PM

මට ඔය වගේ ඊමේල් හරියට එනවා මගේ ඊමේල් ලිපිනයට දිනුමක් ඇදිලා කියලා තිස්සෙම එනවා. ලොකුගානක් දාලා. ඒව ලබා ගන්න යන අය අමාරුවේ වැටෙනවා. මොකද ඊලගට ඒක එවන්න කුරියර් ගාස්තු ඉල්ලනවා. අමු බොරු අහුවෙන්න එපා. (සවි)

:       0       0

උපාලි Friday, 20 July 2012 09:40 AM

දිනපු සල්ලි වලින් ඒ ගාන අඩුකර ගන්න කිව්වනම් ඉවරයි....

:       0       0

සමන් Friday, 20 July 2012 09:46 AM

මටත් මේ වගේ දිනුමක් ඇදුනා. මටත් කීප සැරයක්ම කිවුව එක නිදහස් කරන්න ටැක්සි සඳහා ඒ වගේ මුදලක් ගෙවන්න කියල. මම කිව්වා ඒක මගේ දිනුමෙන් අඩු කර ගන්න කියල. එයාල එක කරන්න බෑ කිව්වා. එතකොට මට තේරුණා ඒක බොරුවක් බව. ඉතින් මේ ගාන ගෙවන්න ඉස්සෙල්ලයි හිතන්න තිබුනේ. මේක අනිත් අයටත් හොඳ පාඩමක්

:       0       0

ලලිත් Friday, 20 July 2012 09:58 AM

නයිජීරියානුවො මේ සම්බන්ධයෙන් අතිදක්ෂයින් බව අන්තර්ජාල පාවිච්චි කරන්නන් දැන සිටිය යුතුයි. (නි)

:       0       0

අජිත් Friday, 20 July 2012 10:06 AM

පනින්න පෙර සිතා බලන්න කිව්වේ කට කහනවට නෙමෙයිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site