IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෝටි 12,000ක බදු පොදියකට වෙච්ච දෙයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බදු අභියාචනා කොමිෂන් සභාවට ලැබී ඇති අභියාචනා 733 ක්  හේතුවෙන් රඳවා ඇති  රුපියල් කෝටි  12,000 ක් අයකර ගැනීමට නොහැකිව ඇතැයි  ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික  ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත.

මෙම බදු  අයකරගැනීමට නොහැකි වී ඇත්තේ එම   විමර්ශන අවසන් නොවීම නිසා බව  කමිටුව පවසයි.

මේ අතර බදු අභියාචන කොමිසමේ තීරණයෙන් පසු ඉහළ අධිකරණවලට යොමු කෙරුණු අභියාචනා ප්‍රමාණය මත රඳවා ඇති බදු මුදල්වල අගය පිළිබඳව නිශ්චිත තොරතුරු නැතැයි  එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

බදු අභියාචනා කොමිසමට  2011 වර්ෂයේ සිට මේ වර්ෂය දක්වා බදු අභියාචනා 1676ක් ලැබී ඇති බවත් එම අභියාචනා මත රඳවා ඇති බදු මුදල්වලින්  අභියාචනා 930 ක් විසඳා අවසන් කර ඇති බවත්  එම කාරක සභාව පෙන්වා දෙයි.



අදහස් (0)

කෝටි 12,000ක බදු පොදියකට වෙච්ච දෙයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site