
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශය අද (19) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය.
එම ස්වර්ණාභරණ තොගය විදේශ මත්පැන් බෝතල් ලෙස හැගවෙන ආකාරයට මත්පැන් බෝතල් ඉවත්කර පෙට්ටි තුළ ගබඩා කර ගුවන්තොටුපළෙන් පිට කිරීමට උත්සහ කළ අවස්ථාවේදී භාරයට ගත් බව කී අරුග්ගොඩ මහතා එම ස්වර්ණාභරණ තොගයට රන් මාල, වළලු, කරාබු සහ බ්‍රේස්ලට් ඇතුළත්ව තිබූ බව ද සඳහන් කළේය.
එම මගීන් දෙදෙනා අම්බලන්ගොඩ සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කී අරුග්ගොඩ මහතා පැවසුවේ ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ එල්.කේ.එච්.ඩී.කේ. ආරේවත්ත, සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ යූ. ඒ. එන්. ආර්. උඩුවිල යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෛන් මෙම වැටලීම ක්‍රියාත්මක කළ බවත්ය.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 10 ක ස්වර්ණාභරණ කටුනායකින් අල්ලයි