IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝටි හයක සුරා සහ සිගරට් සුරා බදු කටේ

කොළඹ බ්ලුමැන්ඩල්  ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන ගිය තීරුබදු නොගෙවු විදේශීය මත්පැන් සහ සිගරට්  ගබඩා කරන ස්ථානයක්  වටලා  රුපියල් කෝටි හයක්  පමණ වටිනා තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් බෝතල්  සහ සිගරට් තොගයක් සමග එහි  හිමිකරු සහ පුදග්ලයින් තිදෙනෙකුද,  වෑන් රථ හතරක්ද    අත් අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

අදාල ගබඩාවේ  හිමිකරු  මට්ටක්කුලිය  ප්‍රදේශයේ පදිංචි   40 හැවිරිදි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන අතර සෙසු සැකකරුවෝද එම ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.

මෙහිදී  අධික මිල ගනන් වලින් යුතු තිරුබදු නොගෙවු විදේශි මත්පැන් බෝතල් හාරදහස් තුන්සියයක් සහ විදේශිය සිගරට් හාර ලක්ෂ පනස් දහසක් අත් අඩංගුවට ගත් බව සුරාබදු නිලධාරීහු කියති.

අත්අඩංගුවට ගෙන ඇති  විදේශිය  මත්පැන් සහ සිගරට් වල වෙළද පොල වටිනාකම රුපියල් කෝටි හයකට ආසන්න බවත් අත්අඩංගුවට ගෙන ඇති වෑන් රථ හතරේ වටිනාකම වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවත් සුරාබදු නිලධාරීහු කියති.

නියෝජ්‍ය  සුරාබදු කොමසාරිස්( අපරාධ) ජේ. පුෂ්ප කුමාර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන්   සුරාබදු නිලධාරින් සතියක පමණ කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයකින් පසු මෙම වැටලීම සිදු  කර ඇත.

මින්   එක සැකකරුවෙකු  වෑන් රථයකින් විදේශිය මත්පැන් බෝතල් 50 ක් ප්‍රවාහනය කරමින් සිටියදී කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ආසන්නයේදී අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව  ඔහුගෙන් ලබා ගත් තොරතුරු අනුව  ව්‍යාපාරිකයා  සහ සෙසු සැකකරුවෝ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ   ගබඩා සංකිර්ණයයේදී  අත් අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලිම සිදුකරන අවස්ථාවේදි ගබඩාව තුල තීරුබදු නොගෙවු විදේශීය මත් පැන් සහ සිගරට් තොග තිබු බවත්  ඒවා  ප්‍රවාහනයට  යොදා ගන්නා තවත් නවින පන්නයේ වෑන් රථ තුනක් ද තිබු බව සුරබදු නිලධාරීහු කියති.

මෙම වෑන් රථ හතරේම විදුරු කළුකර   පසුපස ආසන ගලවා මත්පැන් ප්‍රවාහනයට සුදුසු පරිදි සකස් කර තිබුණ බවත්  කළු රෙදි වලින් ආවරනය කරමින් මත්පැන් ප්‍රවාහනය සිදුකර ඇති බවත් කියති.

සැකකරු මෙම විදේශිය මත්පැන් කොළඹ ප්‍රදේශයේ  ඛෙදා හැර ඇති අතර  විවිධ ආයතන මගින් පවත්වනු ලබන ප්‍රිය  සම්භාෂන සදහා ද  මත්පැන් සපයා ඇති බව සුරාබදු නිළධාරින් අනාවරනය කරගෙන ඇත.
මෙම මත්පැන් සහ සිගරට් වෙළද පොලට ගියේ නම් රජයට විශාල බදු මුදලක් අහිමි වන බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

සැකකරුවෝ  දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම  සිදු කර ඇති බව කරණ ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

මෙම වැටලිම සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතා වෙත ලැබි තිබි තොරතුරු මත සුරාබදු අපරාධ අංශය භාර නියෝජ්්‍ය සුරාබදු කොමසාරිස්  ෙජ්. පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහෙයවිම මත සුරාබදු පරික්ෂකවරුන් වන ඒ.ආර්.ලැම්බට්,  එම්.ජයන්ත.ද.සිල්වා, ඒ.ටි.විරමන්, උපුල් සෙනවිරත්න, සුරාබදු සැරයන් මේජර් එල්.බි.ගාමිනි, සුරාබදු නියාමක අසංක කල්‍යානප්‍රිය  ඇතුළු නිළධාරි කන්ඩායමක් විසින් සිදුකර ඇත.


 1 2 3 DSC01399 DSC01406 DSC01415

 



අදහස් (0)

කෝටි හයක සුරා සහ සිගරට් සුරා බදු කටේ

ද සිල්වා Tuesday, 11 August 2015 04:20 PM

මේ හොර ව්‍යාපාරයෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් සිදුවෙනවා. රේගු නිලධාරින් රටේ ආර්ථිකය ගැන සිතා මේවා රේගුවෙන් පිටවිම නැවැත්වීම කළයුතුයි. ඒ වගේම විදේශ මත්පැන් සම්බන්ධව තිබෙන නීති වෙනස් කළයුතුයි. ඒ කියන්නේ බලපත්‍ර නොමැතිව ළඟ තබා ගතහැකි විදේශ මත්පැන් ප්‍රමාණය ගැන නීති පැනවිය යුතුයි. ගමේ අහිංසක මිනිහෙකුට ළඟ තබාගන්න පුළුවන් වෙන්නේ රා බෝතල් දෙකයි. එහෙනම් මේ හොරුන්ට හොරකම් කරන්න රටේ නීතියත් පිළිසරණක් වෙලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site