IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෝටි හතරක කුඩු සමඟ සංගීත ශිල්පියා අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව  ආදුරුප්පුවීදිය  පොලිසිය කියයි.

සැකකරු සමග හොරයින්  මත්කුඩු ගෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ 1 ගෑම්  558 පොලිසිය මගින් සොයාගෙන ඇත.

ආදුරුප්පු වීදිය පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිවස වටලා සිදුකළ සෝදිසියේදී  වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය කියයි.

පැදුරු සාජ්ජ පැවැත්වීම  , වාදන භාණ්ඩ කුලියට ලබාදීම ආදිය සිදුකරන බුවාවෙන් මෙම සැකකරු කාලයක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය  ජාවාරම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (3)

කෝටි හතරක කුඩු සමඟ සංගීත ශිල්පියා අල්ලයි

Ruwan Sunday, 07 April 2024 12:43 PM

කොස්ගෙඩියක්, අඹ ගෙඩියක් හොරකන් කරන මිනිස්සුන්ගේ නම්, උප්පැන්න සහතිකේ ඉඳන් දාන්න පුළුවන් වුණාට මේ වගේ හොර තක්කඩියන්ගේ නම් ගම් විස්තර කියාගන්න බැරුව ඇඹරෙනවා නේද?

:       1       47

kotiyaMonday, 08 April 2024 02:58 AM

කොස්ගෙඩියක් අඹගෙඩියක් හොරකම් කරන මිනිස්සු උප්පැන්න සහතිකෙයි පරම්පරා ජාතකෙයි බෙල්ලේ එල්ල ගෙන තමයිලු හොරකමට එන්නේ. මේ වගේ වැඩ කරන ලොකු හොරුන්ගේ නම් ගම් හොයා ගන්න ඇමෙරිකාවේ සී. අයි. ඒ. එකටත් අමාරුයි කියලා ලංකාදීපේ ප්‍රධාන කතෘතුමා කිව්වා.

:       0       4

Ruhunu Sunday, 07 April 2024 01:19 PM

අමල්ද?

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site